Wednesday, April 23, 2025
Home » ෆුල් ෆේස් භීෂ­ණය

ෆුල් ෆේස් භීෂ­ණය

by Gayan Abeykoon
July 5, 2024 1:00 am 0 comment

මායා­දුන්නේ රජුගේ අභා­වය 1581 දී සිදු­විය. මේ කාලය වන විට සීතා­වක රාජ­ධා­නිය සහ පහ­ත­රට ප්‍රදේශ කිහි­ප­යක් හැරුණු කල අන් සියල්ල පාල­නය කරන ලද්දේ පෘතු­ගී­සීන් විසිනි. මායා­දුන්නේ රජුගේ අභා­ව­යෙන් පසු පුත් ටිකිරි බණ්ඩාර කුමරු සීතා­වක කිරුළ හිමි කර ගනි­මින් පෘතු­ගී­සීන්ට ප්‍රහාර එල්ල කිරී­මට පටන් ගෙන තිබුණි. පෘතු­ගී­සීන්ගේ අර­මුණ වූයේ කන්ද උඩ­රට යටත් කර ගනි­මින් සිංහ­ල­යම අතට ගැනී­මය.

කොළඹ කො‍ටුවේ පෘතු­ගීසි කපි­තාන් ෆ්‍රැන්සිස්කෝ ද සිල්වාගේ සැල­සු­ම­ප්‍ර­කා­රව මහ­නු­වර බලා පෘතු­ගීසි සේනාව යමින් සිටි­යෝය. සැල­සුම වූයේ මහ­නු­ව­රට ඇතු­ළුවී දෝන කති­රිනා කුම­රිය බලයේ පිහි‍ටු­වී­මයි. ඇඳුම් කඩේට ගිය කල්හි අප පළමු කොට දකින්නේ ජැන්ඩි­යට හැඳ පැලඳ සිටින ‘ඩමිය’.ය. ඒවා නෝනා­වරු, මහ­ත්වරු සේ සිටියේ වුවද, කිසිදු පණක් නැත්තේය. මේ ආකා­රයේ ‘ඩමි’ පාල­ක­යන් පත් කර ගැනීම ආක්‍ර­ම­ණ­ය­කදී පහසු උපා­යකි. රජා තම අණ­ස­කට යටත් කර­ගත් විට, හෙතෙම පාලන බලයේ උරු­ම­ක්කා­රයා බැවින් නෛතික අවු­ලක් නැත්තේය. මේ නිසා වැසි­යන්ගේ විරෝ­ධතා අවම කර ගනි­මින් ඉදිරි වැඩ කට­යුතු කර­ගෙන යෑම පහ­සුය. දොන් ජුවන් ධර්ම­පාල කුමරු සිය ආධි­ප­ත්‍ය­යට ගත් පසු පෘතු­ගී­සීහු මේ උපාය දියත් කළහ. බුව­නෙ­ක­බාහු රජ­තුමා වෙත කැල­ණි­මුල්ලේ සීත මාලිහා පරි­ශ්‍ර­යේදී වෙඩි තබා මරා දමා, ධර්ම­පාල කුමරු රජ­ක­මට පත් කර ගැනීම පළ­මු­වෙන් සිදු කළේය. පසුව ධර්ම­පාල රජ තෙමේ හිඟ­න්නෙක් සේ කොළඹ කොටුවේ පැත්තක දමා පෘතු­ගී­සින් විසින් කෝට්ටේ රාජ්‍යය පාල­නය කර­ගෙන යන ලදි. මේ ආකා­රයේ උපා­යක් කන්ද උඩ­ර­ටට ද ගෙන පළ­මුව සට­නින් සිංහල රාජ්‍යය අත්පත් කර ගැනීම සඳහා ආණ්ඩු­කාර පේරෝ ලෝපේස් ද සූසා විසි­දා­හක බළ­ග­ණ­යක් සමඟ 1594 ජූලි 5 වැනිදා මහ­නු­වර ආක්‍ර­ම­ණය කළහ.

දුව­න්නට පාර මදි වෙන්නට උඩ­රට උදාර සිංහ­ලයෝ ප්‍රබල පෘතු­ගීසි හමු­දා­වට සැල­කූහ. දන්තුරේ සටන නම්වූ ඒ විජ­ය­ග්‍ර­හ­ණය වනාහි ලෝක ඉති­හා­සයේ ලිය වී ඇත්තෙකි. දිගින් දිග­ටම ලෝක බෝලයේ හතර අතේ කරක් ගස­මින් රට­වල් අල්ලා ගත් පෘතු­ගී­සීන් අන් ජාතීන් වැන­සුවා මිස, පරා­ජ­යට පත් වූයේ නැත. ඒ අඛණ්ඩ ජය­ග්‍ර­හණ රැල්ල පළමු වරට පරා­ජ­යට පත් වන්නේ දන්තුරේ රණ­බි­මේ­දීය. සිංහ­ලයෝ එදා පෘතු­ගී­සීන් පරා­ජය කිරීම අද සිදු­වූවා නම් මාස­යක් පමණ තිස්සේ ලොව වටා පුවත්හි කියැ­වෙන්නේ එයය. කොනප්පු බණ්ඩාර නම් වූ උත්තුංග රණ­කා­මි­යාගේ නාය­ක­ත්ව­යෙන් එදා සිංහ­ලයෝ දන්තුරේ සටන ජය ගත්තේ නැති­නම් මුළු රටම පෘතු­ගී­සීන් අත්පත් කර ගන්නවා ඇත්තේය. ඒ මහා ජය­ග්‍ර­හ­ණයේ 430 වැනි සංව­ත්ස­රය අදය. මේ තීරුව අද දිනයේ වැඩි බර තබ­මින් එම ජය­ග්‍ර­හ­ණය සට­හන් කරන ලද්දේ අද බංකො­ලො­ත්භා­ව­යෙන් හිස ඔස­වන ජාති­යක්, එදා ලෝකයේ ප්‍රබල හමු­දා­වන් පරා­ජය කළ ආකා­රය සිහි­පත් කිරීම සඳ­හාය.

රටක් වෙනු­වෙන් කැප­කි­රීම වනාහි යුද වැදීම පම­ණක් නොවේ. ඒ සඳහා අත්‍ය­වශ්‍ය වනුයේ ජාතිය හමුවේ ඇති අභි­යෝ­ගය තේරුම් ගැනී­මය. මේරු සහ පර­වියෝ අතර වෙන­සක් ඇත්තේය. දෙව­ර්ග­යම පියා­ඹන්නේ වුවද වැද­ගැ­ම්ම­කට නැති මේරු සඳහා මහා බල­යක් ඇතැයි සිතා­ගෙන උන්ට තැනක් ලබා­දී­මට ගිය­හොත් අපට සිද්ධ වන්නේ ද ‘එළිය වටා කර­කැ­වෙන මෙරුන්’ ලත් අත්දැ­කීම ලබා­ග­න්න­ටය. යන්තම් රටේ තත්ත්වය සුබ­වාදී වෙන­සක් කරා ඇදී යමින් ඇත්තේය. එය වැස්ස පහත් වෙනවා සේ ඉබේ ලැබෙන යමක් නොවේ. කැප­වී­මක සහ කල්ප­නා­වක ප්‍රති­ඵ­ල­යකි. ඒ සඳහා කර­තබා බර අදින ලද නාය­ක­යෙක් සහ පිරි­සක් ඇත්තේය. මැයි නව වැනිදා මේ රටේ ඉති­හා­සයේ කළු දින­යක් විය. ඊට පෙර සිටම ගෙවල් ගිනි තබා පහර දුන් පිරිස්, මෙදා හෙල්මට් හිසලා ගෙන ප්‍රච­ණ්ඩ­ත්වය මුදා හළහ. අම­ර­කීර්ති අතු­කෝ­රාළ මන්ත්‍රී­ව­රයා මහ­මඟ ඝාත­නය කළේය. ආර්ථික සහ දේශ­පා­ල­නික අනා­ථ­භා­වයේ තිබූ රටක් එක රැයට වෙනස් කළ නොහැ­කිය. පළ­මුව ප්‍රච­ණ්ඩ­ත්වය අනික් පැත්තට හරවා දැමිය යුතුය. වසර දෙක­කට පෙර මේ කාලයේ පාර්ලි­මේ­න්තුව අල්ලා ගැනීම සඳහා පිරිස් කැඳ­ව­මින්, සජීව විකා­ශ­යන් ෆේස්බුක් එකේ පව­ත්ව­මින් සිටින ලද්දේ හිංචි පිංචි ගැටව් නොව ජවිපෙ හිටපු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී­ව­රුන්ය. මන්ත­ර­යක් මෙන් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය මතු­රන මේ පිරි­සගේ ඇත්ත ආශාව ඇත්තේ ප්‍රච­ණ්ඩ­ත්වය මුදා හැර රට අත්පත් කර ගැනී­මට හෙයින්, හතර අතේ ලේ හළා වැඩේ පටන් ගැනී­මට පිරිස සූදා­නම් විය. ඒ ගමන නතර නොවූයේ නම් මේ රටේ මහ­ජන නියෝ­ජි­තයෝ බොහෝ දෙනෙක්ගේ සොහොන් කොත් දැන් වසර දෙක­කට වඩා පැරණි වී ඇත්තේය.

එහෙව් භීෂ­ණ­ය­කින් දේශය මුදා ගැනීම ද දන්තුරේ සටන සේම වැද­ගත් භාවි­තා­වකි. අපි ජාති­යක් ලෙස අප්‍ර­මාණ ලේ ගංගා ගලා ගිය ආකා­රය දැක ඇත්තෙමු. සිවිල් යුද්ධ­ය­කින් වසර තිහක් පීඩා වින්දෙමු. එහෙව් ජාතිය සඳහා මෙවන් බාල්දි­යක් පෙර­ළීම දේශ­පා­ලන උප්ප­ර­වැ­ට්ටි­යක ප්‍රති­ඵ­ල­යකි. එතැ­නදී වැළලී යනු ඇත්තේ ජීවිත පම­ණක් නොවේ. මීට වසර දෙක­කට පෙර අද වැනි දින­යක් සිහි­පත් කර ගත­හොත් එතැ­නින් වැළලී යනු ඇත්තේ ‘ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය’ බව පසක් වන්නේය. ඡන්දය සඳහා ඇති වලං­ගු­භා­වය ඉවත් කළ කල්හි මර්ද­නය පෙරට එන්නේය. බල­හ­ත්කාර ප්‍රය­ත්න­ය­කින් පාල­නය වන රටක් සහ ජන­තාව වීමේ සියලු සම්භා­විතා ඒ වන විට ඇතිව තිබු­ණේය. පාල­නය ගිලි­හුණු රටක් සඳහා පැමිණි නව නාය­ක­ත්වය ඒ සියල්ල සඳහා තිත තබා, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය මුලට ගත්තේය. බංකො­ලො­ත්භා­ව­යෙන් මිදී දැන් සැන­සුම් සුසු­මක් හෙළ­මින් අප සිටි­න්නේය.

එදා දන්තුරේ සටන සේම, ෆුල් ෆේස් හෙල්මට් දමා­ගෙන ඇවි­දින් වසර දෙක­කට පෙර වපුල භීෂ­ණය සඳහා ද අපි උත්තර බැන්දෙමු. වසර දෙක­කට පෙර ජූලි මාසයේ මේ කාලය යළි සිහි­යට නඟා ගනි­මින්, භීෂ­ණ­යෙන් රට බේරා ගත් ආකා­රය සිහි­කැ­ඳවා ගන්නා ලෙස මේ තීරුව ජන­යා­ගෙන් ඉල්ලා සිටි­න්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT