Wednesday, April 23, 2025
Home » උදාර-සදීෂ-ඔකිත ශතක රැස් කරති
17න් පහළ පළමු කොටසේ ක්‍රිකට්

උදාර-සදීෂ-ඔකිත ශතක රැස් කරති

by mahesh
July 4, 2024 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි
උදාර, සදීෂ සහ ලසාල්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 17 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගවලදී ශතක රැස් කිරීමට උදාර දිසානායක (කුරුණෑගල සාන්ත ආනා), සදීෂ සිල්වා (වත්තල ලයිසියම්) සහ ඔකිත ප්‍රනාන්දු (කටුගස්තොට සාන්ත අන්තෝනි) සමත් වූහ.

මේ තරගවලදී පන්දුවෙන් දස්කම් දැක්වීමට ලසාල් හේවාපතිරණ (වත්තල ලයිසියම්) සහ හිමරු දේශාන් (කළුතර සිරිකුරුස) යන ක්‍රීඩකයන් සමත් වූහ.

කුරුණෑගල සාන්ත ආනා විදුහලට ලකුණු 122ක ජයක්

සා. ආනා – 245/4 (ඕවර 46) උදාර දිසානායක 109, චමිත් ජනේන්ද්‍ර 46, නෙතුල් චන්ද්‍රසේන 33, නවින්දු රත්නායක 20

හලාවත සා. මරියා – 123 (ඕවර 41.1) සිනුක නිලේෂ් 20 (දිහාන් මුණසිංහ 6/2, මලීෂ ලිවිනස් 14/2, ශානුක රන්දෙණිය 16/2, ජිත්සර දිසානායක 38/2)

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට ලකුණු 179ක ජයක්

ලයිසියම් – 217/6 (ඕවර 50) සදීෂ සිල්වා නොදැවී 106, ගගන් පෙරේරා 35, රීහාන් බිම්සර 41/2)

හේනේගම මධ්‍ය මහා විදුහල – 38 (ඕවර 22.4) (ලසාල් හේවාපතිරණ 10/5)

කොළඹ රාජකීය විදුහලට ලකුණු 167ක ජයක්

රාජකීය – 228/6 (ඕවර 26) දිනෙත් වේරගොඩ 73, තෙවිඳු වේවැල්වල 50, සෙහදු සූරියආරච්චි 42 (ඕෂඳ පෙරේරා 45/2)

කොළඹ ඩි ලා සාල් – 61 (ඕවර 25.1) අශේන් රණසිංහ 22 (උෂිත ඉලේපෙරුම 19/4, තරුල් අම්පෙමොහොට්ටි 3/2, තෙවිඳු වේවැල්ලවල 18/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT