Home » දකුණු ආසියානු ටයිකොන්ඩෝ තරගාවලියට ශ්‍රී ලංකා පිල සූදානම්

දකුණු ආසියානු ටයිකොන්ඩෝ තරගාවලියට ශ්‍රී ලංකා පිල සූදානම්

by mahesh
July 4, 2024 1:00 am 0 comment

බංග්ලාදේශයේ ඩකා නුවර මේ මස 10 වැනිදා සිට 17 දක්වා පැවැත්වෙන දකුණු ආසියානු පාසල් ටයිකොන්ඩෝ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම ලබන 9 දා පිටත් වෙයි.

පසුගිය වසරේ‍ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමය එක්ව සංවිධාන කළ සමස්ත ලංකා පාසල් ටයිකොන්ඩෝ තරගාවලියේ රන් පදක්කම් හිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමය මඟින් පවත්වනු ලැබූ තරගාවලියේ රන් රිදී පදක්කම් හිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සංචාරය සඳහා තෝරා ගැනීමට ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමය කටයුතු කළේය.

සෑම වර්ෂයකම විදෙස් සංචාර සඳහා පාසල් දරුවන්ට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන ටයිකොන්ඩෝ පාසල් සංගමය විශේෂ තේරීම් කමිටුවක් හරහා තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සංචාරය සඳහා සහභාගී වේ. බංග්ලාදේශ තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ආනන්ද විද්‍යාලයේ ආචාර්ය චතුර ප්‍රදීප් අතුකෝරළ මහතා කටයුතු කරන අතර, ක්‍රීඩකයින් භාරව විදුහල්පති එස්.එම්.කේ. බණ්ඩාර සහ ක්‍රීඩිකාවන් භාරව ඩී.එස්.අයි. පියුමි නෙළුම්මිකා යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

කණ්ඩායම් නායකයා ලෙස බදුල්ල ඌව විද්‍යාලයේ යූ.ඩබ්ලිව්.එච්. තරංග ක්‍රීඩකයා කටයුතු කරන අතර නායිකාව ලෙස කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ සිතුකි නියංගම ක්‍රීඩිකාව කටයුතු කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT