111
මහබාගේ, ගල්උඩුපිට ප්‍රදේශයේදී මාර්ග අනතුරක් හේතුවෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති වයස අවුරුදු 60ක් පමණ වන පුද්ගලයකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් මහජන සහය අපේක්ෂා කරයි. රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ දේහය තැන්පත් කර ඇති අතර මෙම පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් වේ නම් පොලිස් හදිසි ඇමතුම් අංශයට හෝ මහබාගේ පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.