දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ 88 වැනි උපන් දින සැමරුම අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්. රංජන් මාරසිංහ මහතාගේ උපදෙස් පරිදි ඉකුත් 03 වැනි දින නිලධාරීන් සහ නරඹන්නන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අභිමානවත් අයුරින් සත්ත්වෝද්‍යාන පරිශ්‍රයේදී සමරනු ලබිණි.
මෙහිදී සැමරුම් කේක් ගෙඩිය අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා විසින් කපා පැමිණ සිටි පාසල් ළමුන් සඳහා සහ නරඹන්නන් හට ලබා දෙමින් අභිනවයෙන් නම් තබන ලැබූ මාස පහක් වයසැති ‘හයිඩර්’ නම් සිංහ පැටවාටද කැවීම සිදු කරනු ලැබිණි.
මෙහිදී සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වසර 30කට අධික කාලයක් සේවය කළ සේවක මහත්වරුන් අට දෙනෙකුට සහතික හා ත්‍යාග ලබා දීම හා පාසල් මට්ටමින් පැවැත්වූ චිත්‍ර තරගවලින් ජයගත් සිසු සිසුවියන් ඇගයීමක් කරමින් හා සිංහ පැටවාට නම් තැබූ සිසුන් දෙදෙනාට ත්‍යාග ප්‍රදානය කිරීමත් සිදු කරනු ලැබිණි.
මෙම අවස්ථාවට අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ දිනූසිකා මානවඩු, අධ්‍යාපන ඒකකයේ ඩබ්.පී.සී. දීප්ති, සංවර්ධන නිලධාරී මේනක පතිරාජ, වී. ප්‍රියන්ගනී, සත්ත්ව වෛද්‍ය චාන්දනී රාජපක්ෂ, පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු සේවක මණ්ඩලය සමඟ නරඹන්නෝ විශාල පිරිසක් සහභාගිවී සිටියහ.