Home » රක්වාන ප්‍රාදේශීය රෝහලට සේවා ඇගයීමක්

රක්වාන ප්‍රාදේශීය රෝහලට සේවා ඇගයීමක්

by mahesh
July 4, 2024 1:00 am 0 comment

රක්වාන - ඉන්දික සී. කුමාර

ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර සවිබල ගැන්වීමේ අරමුණ ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ වැඩසටහනකින් රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ප්‍රාදේශීය රෝහල වෙත සේවා ඇගයීමේ සහතිකයක් ඉකුත්දා කොළඹ වෛද්‍ය පීඨයේ පැවති උත්සවයකදී පිරිනමා ඇත.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කර වසර පහ තුළ සිදු කරන ලද ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඇගයීමට ලක්කර රක්වාන ප්‍රාදේශීය රෝහලට මෙම විශේෂ ඇගයීම් සහතිකය ලැබී තිබේ.

මෙම වැඩසටහනේදී රක්වාන ප්‍රාදේශීය රෝහලට අයත් ග්‍රාමසේවා වසම් හයක ජීවත් වන විසිහතර දහසක පමණ ජනතාවක් රෝහල තුළ ලියාපදිංචි කිරීම් කටයුතු සිදුකර ඇති අතර ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ප්‍රජා සෞඛ්‍ය යහපත් අයුරින් පවත්වා ගෙන යාම සඳහා විවිධ සායන රෝහල තුළදී මෙන්ම ගම්මාන තුළදී සිදු කිරීමට පියවර ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පී.ජී. මහීපාල මහතාගේ සහ PSSP ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අන්තර්ජාතික විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මියගේ සහ විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් යන මහත්වරුන් විසින් රක්වාන ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය විජිත් වික්‍රමරත්න මහතා වෙත මෙම සේවා ඇගයීම් සහතිකය පිරිනමා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT