Home » බේරුවල ඩී.එස්. සේනානායක විදුහල කේන්ද්‍ර කර ජයවර්ධනපුර සරසවි සිසුන්ගෙන් talent up 2024 වැඩසටහන තෙදිනක්

බේරුවල ඩී.එස්. සේනානායක විදුහල කේන්ද්‍ර කර ජයවර්ධනපුර සරසවි සිසුන්ගෙන් talent up 2024 වැඩසටහන තෙදිනක්

by mahesh
July 4, 2024 1:00 am 0 comment

අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා අධ්‍යයන පීඨයේ ක්‍රීඩා හා කළමනාකරණ අංශ දෙවැනි වසර සිසුන් විසින් බේරුවල ඩී.එස්.සේනානායක ජාතික පාසල කේන්ද්‍ර කර සංවිධානය කර පවත්වනු ලබන ටැලන්ට් අප් 2024 (talent up 2024) වැඩසටහන බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර හා ඩී.එස්.සේනානායක ජාතික පාසලේ විදුහල්පතිනි සී. වික්‍රමආරච්චි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් එම පාසල් පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

තෙදිනක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන තුළින් ඩී.එස්. සේනානායක ජාතික පාසලේ හය, හත, අට, නවය, දහය වසරවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් අතරින් තෝරා ගත් සිසුන්ගෙන් දක්ෂතම සිසුන් සොයාගෙන ඇගයීමට ලක් කිරීමක් ද මෙහිදී සිදුකෙරෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එම ශිෂ්‍ය කණ්ඩායමේ නායක පසිඳු ඩිල්ෂාන් පැවැසීය.

මෙම වැඩසටහනේ සමාරම්භක දේශකයා වශයෙන් නායකත්වය ගෙන කටයුතු කළ යුත්තේ කෙසේද යන මාතෘකාව මගින් විශ්වවිද්‍යාල හා පාසල් සිසු සිසුවියන් දැනුම්වත් කිරීම බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පද්මකුමාර මහතා සිදුකළේය.

බේරුවල ඩී.එස්. සේනානායක ජාතික පාසලේ බටහිර තූර්ය වාදක කණ්ඩායම විසින් ප්‍රධාන ආරාධිතයන් හා විශ්වවිද්‍යාල සිසුන් පිරිස පිළිගෙන ප්‍රධාන ශාලාවට කැඳවාගෙන ආ අතර එම අවස්ථාවට බේරුවල පොලිසි ස්ථානාධිපති ලලිත් පද්ම කුමාර, ඩී.එස්. සේනානායක ජාතික පාසලේ විදුහල්පතිනි සි. වික්‍රමආරච්චි, නියෝජ්‍ය විදුහල්පතිනියන් වන අරේෂා කරුණාරත්න, ධම්මිකා ජයසේකර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු කණ්ඩායමේ නායක පසිඳු ඩිල්ෂාන්, නායිකා සමාධි ජයසිංහ ඇතුළු සිසු දරු දැරියන්, මවුපියෝ පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT