Home » ‘ගුණවර්ශිකා’ භරත නාට්‍ය ප්‍රසංගය අනිද්දා

‘ගුණවර්ශිකා’ භරත නාට්‍ය ප්‍රසංගය අනිද්දා

by mahesh
July 4, 2024 1:00 am 0 comment

වත්තල විශේෂ - ජෝශප් පයස්

නාට්‍ය කලා මන්දිරයේ අධ්‍යක්ෂිකා කලාසූරි වාසුකී ජෙගතීස්වරන් මහත්මියගේ ශිෂ්‍ය සහ පුෂ්පගෞරි ජෙගනාදන් මහතාගේ හා එම මහත්මියගේ දියණියක වන ගුණවර්ෂිකා මෙනවියගේ භරත නාට්‍ය ප්‍රසංගය ජූලි මස 06 වැනි සෙනසුරාදා සවස 5.00ට කොළඹ 04 නව කතිරේසන් ශාලාවේදී පැවැත්වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. දුරෙයිරාජා එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසත්, සෛව මන්ගයාර් විද්‍යාලයේ විදුහල්පතිනි, අරුන්දතී රාජවිජයන්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් නායගම් සුබ්‍රමනියම්පිල්ලේ මුරලිදරන්, නර්තන පාසලේ අධ්‍යක්ෂ ‘කාලිමාමනී’, ‘භාරතකලනිදි’ සිවානන්දි හරිදර්ශන් යන මහත්ම මහත්මීහු විශේෂ ආරාධිතයෝ ලෙසත් සහභාගි වෙති.

ගායන ශිල්පිනී ලාවන්‍යා ජයමෝහන්, මෘතංගම් – එම්. ලෝකේන්ද්‍රන්, නළාව – සෙල්වන් සිවඥානසුන්දරම් ජූඩ්, බෙර තරංග – සෙල්වන් නක්කිරන් කේදරනාත් වයලීනය – සුන්දරමූර්ති ගෝපිතස් යන ශිල්පීහු ප්‍රසංගය අරුත් ගැන්වීමට හවුල් වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT