මේ දිනවල මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මානසික තත්ත්වය හොඳ නැති බවත් එම නිසා පොලොන්නරුවට වී කුඹුරක් කොටාගෙන සිටිය නම් හොඳ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැත් වූ රැස්වීමකදී කෘෂිද්‍රව්‍ය බෙදා ඇති බවට මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
සිරිසේන මහතා පට්ටපල් බොරු කියමින් යන බවත් සෙනඟ ගෙන්වීමට කිසිදු බාධාවක් නොහැකි අතර එතුමා අභියෝග කරන්නේ නම් හෙටත් සෙනඟ ගෙන්වා පෙන්වන බවත් ඒ මහතා කියා සිටියේය.
එතුමාට පුළුවන්නම් සෙනඟ ගෙන්වා පෙන්වන ලෙසත් පොලොන්නරුවටවත් සෙනඟ ගෙන්වා ගැනීමට නොහැකි බවත් අමරවීර මහතා සඳහන් කළේය.
එතුමන් වෙනුවෙන් කාලය වැය නොකරන බව පැවැසූ ඇමැතිවරයා අද කියන දේ හෙට වෙනස් වන අතර රැස්වීමකට පැමිණෙන බව පවසා තමන්ගේ නිෙවසේ කෑම ලැස්ති කරන්න යැයි පවසා ඊට පසු දවසේ අපව අස්කර දැමූවා : ඒ මහතා පැවැසීය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය,
රැස්වීම්වලට එක එක දේ බෙදනවා කියනවා. එතකොට බදුල්ලේ තිෙයන එකට වරායවල් බෙදනවා කියාවිද දන්නේ නැහැ. එහෙම කිව්වත් පුදුම වෙන්න එපා. අපේ කිසිම රැස්වීමකට රාජ්‍ය අනුග්‍රහයක් යොදවන්නේ නැහැ. අපේ සන්ධානය ශක්තිමත් වෙනවා. පක්ෂය ශක්තිමත් වෙනවා. අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා තමයි මේ රටේ ජනාධිපති. ඊළඟ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය, බලවේගය බවට පත් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. කලින් හිටිය නායකයා තමන්ට ඕන දේ කරේ. හීනෙන් දැක්කොත් ඊට පස්සේ දවසේ කරා. දැන් එහෙම නැහැ සාමූහිකව තීන්දු ගන්නේ.