පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි (Commonwealth Of Learning) පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා එහි 41වැනි පාලක මණ්ඩල රැස්වීමට එක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
කැනඩාවේ වැන්කුවර්හි පැවති මෙම පාලක මණ්ඩල රැස්වීමේ දී පසුගිය වසරේ ප්‍රගතිය මෙන්ම ඉදිරි වර්ෂයේ අපේක්ෂිත සංවර්ධන කටයුතු පිළිබඳ ව ද සාකච්ඡා කෙරිණි.
‘Commonwealth Of Learning (COL)” යනු කැනඩාව මූලස්ථානය කර ගත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ආයතනයක් වන අතර විවෘත ඉගෙනුම් සහ දුරස්ථ අධ්‍යාපන සම්පත් හා තාක්ෂණයන් සංවර්ධනය කිරිම සහ හුවමාරු කරගැනීම දිරිමත් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය ප්‍රධානීන් විසින් නිර්මාණය කරන ලද ආයතනයකි.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම ආයතනයේ පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයාවේ.
ශ්‍රී ලංකාවේ ගුණාත්මක අධ්‍යාපනය ප්‍රවේශය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් එම ආයතනයේ අවධානය යොමු කිරීමට ද අමාත්‍යවරයාට මෙහිදී හැකි වී තිබෙයි.