Wednesday, April 23, 2025
Home » මාස 7ට සුරා බදු ආදායම රුපියල් බිලියන 105ක්

මාස 7ට සුරා බදු ආදායම රුපියල් බිලියන 105ක්

by mahesh
July 4, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

මේ වසරේ ජූනි මාසය දක්වා කාලසීමාව තුළ සුරාබදු ආදායමෙන් රුපියල් රු. බිලියන 105ක් උපයාගැනීමට හැකියාව ලැබී ඇති බව සුරාබදු කොමසාරිස් එම්.ජේ. ගුණසිරි මහතා සඳහන් කළේය.

මේ ආදායම් වර්ධනය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 17ක වර්ධනයක් බවත්, 2024 ජූනි 30 වන විට සැලසුම් කළ පරිදි රුපියල් බිලියන 105ක් ආදායම් ලැබූ බවත් පැවසූ ඒ මහතා පසුගිය 2023 වසරේ මේ කාලය වන විට රුපියල් බිලියන 88ක ආදායමක් ලබා ඇති බව සිහිපත් කළේය. ඒ අනුව රුපියල් බිලියන 17ක වර්ධනයක් ලබා ඇති බවත්, රුපියල් බිලියන 20ක වර්ධනයක් මේ මාස 6 ඇතුළත ලබාගැනීම අරමුණ වුවද ස්වාභාවික විපත් හේතුවෙන් අපේ ප්‍රධාන නිෂ්පාදනාගාරයක ප්‍රශ්න කිහිපයක් ඇති වූ බව කී ඒ මහතා ඒ හේතුවෙන් බිලියන 3ක ආදායම් වර්ධනයක් කරා යෑමට නොහැකි වූ බවත් කීවේය.

සැලසුම් කළ ආකාරයට රුපියල් බිලියන 107ක ඉලක්කයකට යෑමට හැකි වූ බව කී ඒ මහතා ඒ අනුව 20%කට ආසන්න වර්ධනයක් පසුගිය වසරට සාපේක්ෂව අත්පත් කරගෙන ඇති බවත්, එය සුවිශේෂ ජයග්‍රහණයක් බවත් ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT