උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත දේශීය සංවිධානයක් වන ෂාර්ප් (SHARP) සංවිධානය ගත වූ වසර 6 ඇතුළත වර්ග මීටර් 36,160,681ක භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කොට තිබේ.
මේ සංවිධානයේ මෙහෙයුම් කළමනාකරු කපිතාන් ප්‍රභාත් නාරම්පනාව මහතා සඳහන් කළේ එම භූමි ප්‍රමාණයෙන් අන්තරායක පුපුරන ද්‍රව්‍ය කොටස් හා බිම්බෝම්බ 66,238ක් ඉවත් කොට ඇති බවයි. මේ බිම් බෝම්බ ඉවත් කර ඇත්තේ කිලිනොච්චියේ කොකාවිල් අලිමංකඩ, පුදුකුඩිරිප්පු, මාන්කුලම්, මුහමාලේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ඔට්සුට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තාචදම්බන් ඕලුමඩු සහ මාන්කුලම් අම්බකාමම් යන ප්‍රදේශවලිනි.
ෂාර්ප් (SHARP) සංවිධානය ජපානයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටියි. බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත ජාත්‍යන්තර සංවිධානවල හා ඔටාවා සම්මුතියේ සඳහන් නියමයන්ට අනුව ශ්‍රී ලංකාව 2025 වසර අවසන් වන විට බිම් බෝම්බවලින් තොර නිදහස් කලාපයක් බවට පත් කිරීමේ කාර්යයට ෂාර්ප් (SHARP) සංවිධානයද උර දී සිටින බව එම සංවිධානයේ මෙහෙයුම් කළමනාකරු කපිතාන් ප්‍රභාත් නාරම්පනාව මහතා කියා සිටියේය.