Home » පනාවත්ත වතුයායේ ලැයිම් කාමර 5ක් ගිනිගෙන යුවළක් ජීවිතක්ෂයට

පනාවත්ත වතුයායේ ලැයිම් කාමර 5ක් ගිනිගෙන යුවළක් ජීවිතක්ෂයට

by mahesh
July 4, 2024 1:00 am 0 comment

කෑගල්ල දිස්ත්‍රික් සමුහ - යාරත්න බණ්ඩාර යටියන්තොට විශේෂ

යටියන්තොට පනාවත්ත වතුයායේ ඊයේ (03) අලුයම 2.00ට පමණ විදුලි කාන්දුවීමක් හේතුවෙන් සිදුවූ ගිනී ගැනීමකින් එම වතුයායේ ලැයිම් කාමර පහක් ගිනිගෙන ඇති අතර, එම ලැයිම් කාමරයක සිටි අඹුසැම් යුවළක් මරණයට පත්ව ඇති බව යටියන්තොට පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුවන මොහොතේ ලැයිම් කාමරවල පිරිස නින්දේ සිට ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ 60 හැවිරිදි මුක්කන් වීරසිංහම් හා 50 හැවිරිදි මුත්තයියා ශාන්ති දේව් යන අඹුසැමි යුවළ බවයි පොලිසිය පවසන්නේ.

මෙම ගිනි ගැනීමෙන් ලැයිම් කාමර පහෙන් තුනක් මුළුමනින්ම විනාශ වී ඇති අතර ලැයිම් කාමර දෙකක් ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව ජලය ගසා අර්ධ හානි ලෙස බේරාගැනීමට හැකිව ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් මිය ගිය යුවළට එක් දියණියක් පමණක් සිටින බවත් ඇය විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපන හදාරන බවත් පොලිසිය පවසයි.

සීතාවකපුර පොලිස් අපරාධ ස්ථානීය පරීක්ෂක නිලධාරී අදාළ ස්ථානයට පැමිණ මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කළ බවත් පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT