මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයේ පාසල් සිසුවියක් ඇසුරු කර ඇයගේ ඡායාරූප වීඩියෝ අන්තර්ජාලයට එක්කළ තරුණයකු මීගස්වැව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ ( 03) උදේ අත්අඩංගුවට ගෙන ඇත. පාසල් සිසුවියන්ගේ අසභ්‍ය විඩියෝවක් අන්තර්ජාලෙය් අති බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මීගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් බණ්ඩාර මහතාට දැනුම් දීමෙන් පසු අඹගස්වැව කුඹුකුණාවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයකු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා සතිපොළවල්වල වෙළෙඳාම් කරන අයකු බවත් ඔහු සිද්ධියට සම්බන්ධ සිසුවිය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ගොස් ඇති බවද පසුගිය අප්‍රේල් මාසයේ එක් දිනකදී
සිසුවියගේ නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවක තරුණයා ඇයගේ නිවසට ගොස් සිසුවිය සමඟ එක්ව ඇසුරු කරන අයුරු රහසිගතව වීඩියෝ කර එම වීඩියෝව අන්තර්ජාලයට එක්කර ඇති බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියකු සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම සිසුවිය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ගොස් ඇති බවද ඇය සැකකරු සමඟ අමනාපයක් ඇතිවූ පසු සිසුවියගේ විඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් කරගෙන ඇත. තරුණයා අසුරු කර ඇතැයි කියන 14 හැවිරිදි දැරිය වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා පොලොන්නරුව රෝහලට ඇතුළත් කිරීමට නියමිතව ඇත.
14 හැවිරිදි පාසල් සිසුවිය ඇසුරු කර ඇයගේ ජායාරූප විඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් තරුණයා ඊයේ (03) උදේ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත්කර නඩු පැවරීමට මිගස්වැව පොලිසියේ නිලධාරීන් කටයුතු කර තිබේ.