එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් (Deputy Assistant Secretary of Treasury for Asia, U.S. Department of Treasury) Robert Kaproth මහතා මෙරට සංචාරය කරන අතරතුර පසුගිය 01 වැනිදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.
මේ අවස්ථාවට අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිනී ජූලී චන්ග්, එක්සත් ජනපදය නියෝජනය කරමින් Mr. Andrew Shinn (Econ Officer Department of State) සහ Mr. Adam Michelow (Political Officer Department of State) මහත්ම මහත්මීහු ද එක් වූහ.
මෙහිදී දෙපාර්ශ්වය අතර ආර්ථික, සමාජීය, දේශපාලනික කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු විය. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වත්මන් රජයේ අදූරදර්ශී බදු ප්‍රතිපත්තිය නිසා ජනතාව පීඩාවට පත්ව ඇති අයුරු පිළිබඳ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම්වරයා දැනුම්වත් කරන ලදී.
එසේම සමඟි ජන බලවේග රජයක් තුළ ජනතාවට සහන සලසමින් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආකාරයත්, අයි.එම්.එෆ්. ගිවිසුම නැවත සලකා බලා එය ජනතා හිතවාදී ලෙස සංශෝධනය කර පවතින බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට සමඟි ජන බලවේගයට ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙනුත්, මැතිවරණ දිගින් දිගටම කල් දැමීමෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය වී ඇති ආකාරයත් විපක්ෂ නායකවරයා විසින් එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම්වරයාව දැනුම්වත් කරන ලදී.
මේ අවස්ථාවට සමඟි ජන සන්ධානය නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, වී. රාධාක්‍රිෂ්ණන්, නිරෝෂන් පෙරේරා සහ මහාචාර්ය ජී. ඇල්. පීරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක් වූහ.