Thursday, April 24, 2025
Home » බැක් ටු ස්කූල් සහ ආදි ගුරු උපහාර උලෙළක්

බැක් ටු ස්කූල් සහ ආදි ගුරු උපහාර උලෙළක්

by mahesh
July 4, 2024 1:00 am 0 comment

මහරගම මධ්‍ය මහා විද්‍යාලයීය 75 වන සංවත්සරයට සමගාමීව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් බැක් ටු ස්කූල් (Back to School) සහ ගුරු උපහාර උලෙළක් සංවිධාන කර ඇත. අගෝස්තු මස 11 වැනි දින පෙ.ව. 7.30 සිට ප.ව. 5.30 දක්වා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරයි. එදින සජීවී සංගීතයෙන් රසවත් වන මේ උලෙළ නර්තන විචිත්‍රාංග, ආහාර පාන, විවිධ තරග ඉසව් ආදියෙන් ද සමන්විතය.මේ කටයුත්තට සහභාගී වීමට හා සම්පත් දායකත්වයෙන් කටයුතු කිරීමට විද්‍යාලයීය ආදි සිසු සිසුවියන් සැමට ඉතා ගෞරවයෙන් විද්‍යාලයීය ආදි සිසු සංගමය ආරාධනා කරයි.

මෙයට සහභාගි වීමට බලාපොරොත්තු වන්නන්ට ජේ. නෙට් කැෆේ හෝමාගම (J Net Cafe Homagama), සී.අයි.බී. මෙගා සිටි (CIB Mega City Maharagama), ස්වර්ණ මහල් මහරගම ස්ථානවලින් ප්‍රවේශපත් මිලදී ගත හැකිය. සම්පත් දෙගම්බඩ 077 3914567, සම්පත් තෙන්නකෝන් 0762333932, දුරකතන අංකවලට ඇමැතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT