Home » පාණදුර සිට කිරින්ද දක්වා ධීවර වරාය සංවර්ධනයට රුපියල් මිලියන 1000ක්

පාණදුර සිට කිරින්ද දක්වා ධීවර වරාය සංවර්ධනයට රුපියල් මිලියන 1000ක්

by mahesh
July 4, 2024 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

පාණදුර සිට කිරින්ද දක්වා ධීවර වරාය සංවර්ධනයට රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පියවර ගෙන ඇත.

පසුගිය 28 වැනිදා දකුණේ ධීවර වරායන්හි නිරීක්ෂණ චාරිකාවක යෙදුණු ධීවර ඇමැතිවරයා මේ ධීවර වරායවල පවතින අඩුපාඩු සොයා බැලූ අතර ඒවා වහාම ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන රජයෙන් ලබා ගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට ද නියමිතය. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතාට ධීවර ඇමැතිවරයා ඊයේ (01) උපදෙස් දුන්නේය.

පසුගිය සංචාරයේදීත් කලින් සංචාරවලදීත් මේ වරායවල අඩුපාඩු පිළිබඳව වරාය සංවර්ධන කමිටු හා ප්‍රදේශයේ ධීවර සමිති මගින් ඇමැතිවරයා දැනුවත් කර තිබු අතර මේ ගැන පසුගිය සංචාරයේදී හා මේ සංචාරයේදීද අදාළ නිලධාරින් කැඳවා තොරතුරු විමසීය. මේ අඩුපාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ධීවර සංස්ථාවේ සභාපති නිලංක ජයවර්ධන මහතාට ද ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT