පලස්තීනයේ ගාසා තීරයේ යුද තත්ත්වය පිළිබඳ සොයා බැලීමට සහ ඉන්දියාව සහ කටාර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දියාවේ විදේශ ඇමැති එස්.ජයිශංකර් පසුගියදා කටාර් දේශයේ සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ කටාර් සංචාරය යෙදී තිබුණේ කටාර් ආරක්ෂක හමුදාව ඉන්දියාවේ නාවික හමුදාවේ හිටපු නිලධාරීන් අටදෙනකු නිදහස් කිරීමෙන් මාස 4කට පමණ පසුව බව ද වාර්තා වේ. කටාර් රාජ්‍යයේදී ඔත්තු බැලීමේ චෝදනා ලබා මරණ දඬුවම නියම වී සිටි එම නිලාධාරින් පසුව ඉන්දීය රජයේ විශේෂ ඉල්ලීමක් අනුව නිදහස් කර තිබිණි.
ඉන්දියාව සහ කටාර් රාජ්‍යය අතර දේශපාලන, වෙළෙඳ, ආයෝජන, බලශක්ති, තාක්ෂණය හා සංස්කෘතික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ එහිදී ඉන්දීය විදේශ ඇමැතිවරයා සහ කටාර් විදේශ ඇමැති ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රහ්මාන් සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.