ත්‍රස්තවාදය මැඬලීමේ නව හමුදා මෙහෙයුමක කොටසක් ලෙස ඇෆ්ගනිස්තානයට එරෙහිව අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව පාකිස්තානයේ ආරක්ෂක ඇමැති කවාඩා අසීෆ් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ පාකිස්තාන හමුදාව සහ සිවිල් ජනතාව ඉලක්ක කරමින් ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත සංවිධාන විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාරයක් ලෙස එය සිදු කරන බවය.
එමෙන්ම කිසිදු දැනුම්දීමකින් තොරව එම ප්‍රහාර එල්ල කරන බවත් පාකිස්තාන ආරක්ෂක ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
කෙසේ වුවද පාකිස්තාන ආරක්ෂක ඇමැතිවරයාගේ ප්‍රකාශය ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය දැඩි විවේචනයට ලක් කර ඇතැයි ද වාර්තා වේ. එය තම රටේ ස්වෛරීභාවයට තර්ජනය කිරීමක් බවත්, පාකිස්තානයෙන් එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ සිදුවන එවැනි ප්‍රහාරවලට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇතැයි ද තලේබාන් සංවිධානය පාකිස්තානයට අනතුරු අඟවා ඇත.