රාහු කාලය
දහවල් 01-48 – 03.23 දක්වා
අලුයම 01.41 – 03.08 දක්වා
දිව්‍යමය සුබ මුහුර්ත
ගමන් යාමට
උදේ 6.14ට උතුර බලා
උදේ 8.21ට උතුර බලා
ලොතරැයි මිලදී ගැනීමට
උදේ 8.29ට උතුර බලා
උදේ 9.11ට උතුර බලා
පැළ සිටුවීමට
උදේ 7.01ට උතුර බලා
සවස 4.40ට උතුර බලා
මේෂ
හදිසි ධන ලාභ
හදිසි ධනය ගෙනදෙයි. තමා කෙනෙකුට දී තිබූ මුදලක් පොලියත් සමඟ ඔබ අතට පත්වෙයි. තම සහායකයින්ගෙන් ලැබෙන ප්‍රතිලාභ උසස් මට්ටමේ පවතී. උගුරේ තුනටියේ අමාරු මතුවිය හැක.
වෘෂභ
උසස් මානසික සුවයක්
ඉතා සතුටුදායක දිනකි. නව නිර්මාණ බිහි කිරීමේ හැකියාව පවතී. එඩිතරවූ ජනප්‍රියවූ තීන්දු තීරණ ගනු ඇත. පැවති මානසික වියවුල්තාව මගහරවා ගැනීමට අවස්ථාව උදාවේ.
මිථුන
විදේශ ගමන් මතුවේ
අධ්‍යාපනය හදාරණ අයට උසස් ප්‍රතිඵල විභාග ජය ආදියට හේතුවෙයි. දුර බැහැර ගමන් යෙදේ. පිටරට ගමන් හෝ විනෝදාස්වාදය සඳහා යෙදෙන ගමන් බහුලවේ.
කටක
නොසිතූ ආකාරයේ ලැබීම්
ඉතා හොඳ ආර්ථික ප්‍රතිලාභ සහිතයි. නොසිතූ ආකාරයේ ලැබීම් ද ඉඩම්, නිවාස, වාහන මෙන්ම වෘත්තීය උසස්වීම් පෙන්වයි.
සිංහ
සමාජයෙන් ප්‍රශංසා
ආදායම් තත්ත්වය උසස්වේ. බොහෝ දෙනා අතර තම හොඳ නම පැතිරේ. තමා කිසියම් ආකාරයේ පොදු කටයුත්තකට යොමු වනවා නම් බොහෝ ප්‍රශංසා හිමි වනු ඇත.
කන්‍යා
පුණ්‍යවන්ත වෙයි
පුණ්‍යවන්ත වේ. නිවසේ පින්කම් රැසකට ඉඩ සැලසේ. විවිධාකාරයේ මිතුරන් ඇසුරට ලැබේ. දේපළක් පිළිබඳව තිබූ ගැටලුවලට විසඳුම් ලැබේ.
තුලා
වෙළෙඳ ව්‍යාපාර සරුවේ
වෙළෙඳ ව්‍යාපාර ප්‍රතිලාභ හිමිවේ. ජීවිතයේ කරගෙන ආ යම් ව්‍යාපාරයක් සාර්ථකවේ. පොදු සමාජ කටයුතුවලින් ජනාදරය හිමිවේ.
වෘශ්චික
විපතට පත්වූ අයකු මුදාගනී
තමාට බොහෝ සතුටුදායක ප්‍රතිචාර ලැබේ. කිසියම් ආකාරයේ වාසනාවන්ත තත්ත්වයකි. සමාජ සේවා කටයුතු බහුලවේ. විපතට පත්වූ පිරිසක් ඉන් මුදා ගැනීමට හැකිවේ.
ධනු
සෞඛ්‍ය ගැටලු මතුවේ
ශරීර සෞඛ්‍යය පිළිබඳ සෝදිසි වියයුතු සැලකිලිමත් විය යුතු තත්ත්වයකි. කිසියම් භෝජන සංග්‍රහයකදී ගන්නා ආහාර පානයක් විෂවිය හැකියි. යටිබඩේ ශල්‍යකර්ම පවා ඒමට පුළුවන.
මකර
පවුලට නව සාමාජිකයෙක්
තම දරුවන්ගේ කටයුතු නිසා සිතට සතුට මතුවේ. තම ඉදිරි අනාගතය වෙනුවෙන් නව ආයෝජනයන් සිදු කෙරෙන අතර, නිවසට නව සාමාජිකයකු ද එකතු විය හැක.
කුම්භ
පෞද්ගලික ආදායම් උසස්වේ
දේපළ හිමිකම – නිවාස හා වාහන ප්‍රතිලාභ හිමිවේ. පෞද්ගලික ව්‍යාපාරයක ආදායම උසස්වේ. තමාගේ පැවැති ආර්ථික අඩුලුහුඬුකම්වලට පිළියම් ලැබේ.
මීන
ඥාති සබඳතා පුළුල්වේ
පැවති බොහෝ මානසික කායික ගැටලුවලට විසඳුම් ලැබේ. වෙනදාට වඩා දිනපතා ආදායම ඉහළ යයි. නිවසේ උත්සවශ්‍රීයක් උසුළයි. තම ඥාති සබඳතා පුළුල්වේ.
සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය වේදී අජිත් ධර්මසිරි