Wednesday, April 23, 2025
Home » AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට රන් සම්මාන

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට රන් සම්මාන

by mahesh
July 4, 2024 1:00 am 0 comment

ACEF ගෝලීය පාරිභෝගික සහභාගීත්ව සම්මාන උලෙළේ දී, ආයතනික සන්නාම කාණ්ඩය යටතේ, ශ්‍රී ලංකාවේ ජනතාව වඩාත් ආදරය කරන සන්නාමය වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (PepperCube Consultants සමීක්ෂණ දත්ත මත පදනම්ව LMD විසින් ප්‍රකාශයට පත්කරන ලද්දකි.) විශිෂ්ට සම්මාන දෙකකින් පිදුම් ලැබීය. පසුගිය වසරේදී සිය පරිපූර්ණ ගෝලීය සෞඛ්‍ය අමතර රක්ෂණ ආවරණය වන ‘AIA හෙල්ත් පාස්පෝට් ප්‍රතිලාභය’ අදාළව සමාගම ක්‍රියාත්මක කරන ලද නව්‍ය වූ වැඩසටහන සඳහා ‘Customer Engaged Brand’ අංශයේ ‘Grand Prix’ සම්මානය මෙන්ම දීර්ඝ කාලයක් පුරාවට ක්‍රියාත්මක ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් වන AIA පොසොන් රැකවරණ වැඩසටහන සඳහා ඩිජිටල් අලෙවිකරණ අංශයේ ස්වර්ණ සම්මානයෙනුත් පිදුම් ලැබීය.

මෙම ජයග්‍රහණය AIA අත්පත් කරගන්නේ විශාල තරගකාරීත්වයක් තිබූ පරිසරයක් තුළ වන අතර මෙම සම්මාන සඳහා ලොව පුරා සමාගම් වලින් ඉදිරිපත් කර තිබු අයැදුම්පත් සංඛ්‍යාව 613ක් විය. මෙවර ACEF ගෝලීය පාරිභෝගික සහභාගීත්ව සම්මාන උලෙළ පවත්වන ලද්දේ 13 වැනි වතාවට වන අතර, විවිධ ක්ෂේත්‍රයන් හරහා පාරිභෝගික කේන්ද්‍රීය අලෙවිකරණ ක්‍රමෝපායයන් සඳහා අත්කරගෙන ඇති විශිෂ්ට ජයග්‍රහණයන් මේ ඔස්සේ ඇගැයුමට ලක්කරයි.

මෙරට ප්‍රබල දේශීය බැංකු සහ වෙනත් මූල්‍ය සන්නාම සහිත තරගකාරී වාතාවරණයක් ඇතුළත AIA ශ්‍රී ලංකා සමාගම මෙම සම්මානය අත්පත් කරගැනීම සැලකිය යුතු ජයග්‍රහණයකි. මෙහිදී AIA ශ්‍රී ලංකා සමාගම, විවිධ ක්ෂේත්‍රයන්හී දැවැන්තයින් සමඟින් සාර්ථකව තරග කරමින් සිය නව්‍ය පාරිභෝගික සහභාගීත්ව වැඩසටහන්හි ශක්තිමත් බව ඔප්පුකර පෙන්වන ලදි.

AIA ශ්‍රී ලංකාහි ප්‍රධාන අලෙවි නිලධාරී, සසිත් බඹරදෙණිය මහතා සමාගම ලද මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ‘ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙලක් වන ACEFහි දී ඇගයීමට ලක්වීම අපට මහත් අභිමානයක්. මෙම ගෞරවාන්විත සම්මානයන්ගෙන් පිදුම් ලැබීමෙන් පිළිබිඹු වන්නේ AIA ශ්‍රී ලංකා පාරිභෝගික කේන්ද්‍රීයව ක්‍රියාත්මක වෙමින් අප ආයතනය වෙතින් සේවය ලබා දෙන්නා වූ සමාජය වෙත සිදු කරන ධනාත්මක බලපෑම සහ නොසැලෙන කැපවීමයි.

‘AIA හෙල්ත් පාස්පෝට් ප්‍රතිලාභය’ වෙනුවෙන් අප ලද Grand Prix සම්මානයෙන් තහවුරු වන්නේ, සැබවින්ම නව්‍ය වූත් වටිනාකමින් වැඩි වූත් සෞඛ්‍ය රක්ෂණ විසඳුමක් නිර්මාණය කරමින්, සිය සෞඛ්‍ය සහ සුවතාවය පිළිබඳව සිතා බලා කටයුතු කිරීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව සවිබලගැන්වීම වෙනුවෙන් වන අපගේ ප්‍රයත්නයයි. AIA පොසොන් රැකවරණ වැඩසටහන සඳහා අප ලද සම්මානයෙන් තවදුරටත් පැහැදිලි වන්නේ සමාජ වගකීම් වෙනුවෙන් මෙන්ම සමාජයට ධනාත්මක වෙනසක් ඇති කිරීමේ වැදගත්කම පිළිබඳව අප දක්වන අවධානයයි. නිරතුරුව අපගේ පාරිභෝගික ජනතාවට අතිවිශිෂ්ට සේවාවක් ලබා දෙමින් සමාජයට අර්ථවත් අයුරින් දායකත්වයක් සැපයීමට කැපවීමෙන් ක්‍රියා කරන අපගේ අලෙවි බළකා සාමාජිකයින්ට මෙන්ම කාර්ය මණ්ඩලයට මා හදවතින්ම කෘතඥතාව පළකර සිටිනවා.’

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT