Home » Dialog Innovation Challenge, TV දෙරණ හා චැනල් One ඔස්සේ

Dialog Innovation Challenge, TV දෙරණ හා චැනල් One ඔස්සේ

by mahesh
July 4, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් නවෝත්පාදකයන්ගේ දක්ෂතා බලගන්වමින් ශ්‍රී ලංකාව ඩිජිටල් අනාගතයක් කරා මෙහෙයවන නවෝත්පාදන අභියෝගය, Dialog Innovation Challenge මේ දිනවල ටෙලිවිෂන් ඔස්සේ විකාශය කෙරෙන බව තුටින් දැනුම් දෙයි. ඒ අනුව, මෙරට දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින්ගේ දක්ෂතා රටට විදහා දක්වමින්, සෑම සෙනසුරාදා දිනකම ප.ව. 10.30 ට TV දෙරණ ඔස්සේද, සෑම ඉරිදා දිනකම ප.ව. 6.30 ට Dialog TV චැනල් One ඔස්සේ ද වැඩසටහන විකාශය කෙරේ. ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින ඩිජිටල් න‌වෝත්පාදකයින්ගේ දක්ෂතා ඔප්නංවමින්, ඩයලොග් මෙම නවෝත්පාදන අභියෝගය දියත් කරනු ලැබුවේ මෙරට පුද්ගලයින්, ව්‍යාපාර හා ප්‍රජාව මුහුණ දෙන අභියෝග සඳහා ඵලදායි ඩිජිටල් විසඳුම් ලෙසින් වැඩිදියුණු කළ හැකි, ඩිජිටල් නවෝත්පාදන දිරිගන්වමිනි.

ශ්‍රී ලංකාව පරිවර්තනීය ඩිජිටල් අනාගතයක් කරා මෙහෙයවීමේ හැකියාව විදහා දක්වන Dialog Innovation Challenge මඟින් විශේෂිත ඇගයීම් ක්‍රියාවලියක් ඔස්සේ නවොත්පාදන අභියෝගය භාරගත් 1200 කට අධික පිරිසක් තෝරා ගැනුණු අතර, එයින් සිය හැකියාවන් විදහා දැක්වූ දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින් පනස් 50 දෙනෙකුගේ දක්ෂතා ජූනි 15 වැනිදා සිට රටට ප්‍රදර්ශනය කෙරේ. ශ්‍රී ලංකාව පරිවර්තනීය ඩිජිටල් අනාගතයක් කරා මෙහෙයවමින්, 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දියත් කරනු ලැබූ මෙම වැඩසටහනට සියලු ක්ෂේත්‍රවල ඩිජිටල් නවෝත්පාදකයින්ගේ ප්‍රතිචාර නොඅඩුව හිමිවිණි. ඊට එක් වූ නවෝත්පාදකයන්ට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්ගේ හා තාක්ෂණික විශේෂඥයින්ගේද උපදෙස් හා මඟපෙන්වීම් අනුව සිය ඩිජිටල් නවෝත්පාදන සංකල්ප තාක්ෂණිකමය හා වාණිජමය වශයෙන් ඵලදායී ඩිජිටල් නවෝත්පාදන ලෙසින් වැඩිදියුණු කිරීමට හැකියාව සැලසිණි. මේ පිළිබඳ සිය අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා සඳහන් කළේ “අපේ ඉලක්කය, රටේ සුබවාදී වෙනසක් වෙනුවෙන් තාක්ෂණය භාවිත කිරීමට කැමති නවෝත්පාදකයින්, මෙලෙසින් බලගන්වමින් රට තුළ ඩිජිටල් නවෝත්පාදන සංස්කෘතියක් බිහි කිරීමයි.” යනුවෙනි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් නවෝත්පාදන බලගන්වමින් පැවැත්වෙන Dialog Innovation Challenge තුළින් මෙරට නවෝත්පාදන පෝෂණය කරමින්, ශ්‍රී ලංකාව ඩිජිටල් රටක් (e-nation) කිරිමෙහිලා ඩයලොග් ආසිආටා පීඑල්සී දක්වන කැපවීම ඉස්මතු කෙරේ. එම කැපවීමට අනුව, සාර්ථක ඩිජිටල් පරිවර්තනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවන මෙම වැඩසටහන, මෙරට දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින්ගේ දක්ෂතා ඉස්මතු කරමින් ඔවුන්ගේ නවෝත්පාදන එළිදක්වන මාහැඟි වේදිකාව බවට පත්වෙයි. ‘ඩිජිටල් නවෝත්පාදනවල මහිමයෙන්, ශ්‍රී ලාංකික ජීවිත සහ ප්‍රජාව සාධනීය ලෙස වෙනස් කිරීමට හැකි බවට අපි විශ්වාස කරනවා. ඒ වගේම, මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ නවෝත්පාදකයින්ට සහාය දැක්වීමට ඇති අපගේ කැපවීම විදහා දක්වන හොඳම නිදසුනක්’ යනුවෙන් සුපුන් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT