Home » Fadna වෙතින් අසරණ පවුල්වලට සරණක් සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන පෙළක්

Fadna වෙතින් අසරණ පවුල්වලට සරණක් සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන පෙළක්

by mahesh
July 4, 2024 1:00 am 0 comment

වර්තමාන ලෝකය තුළ පිළිකා රෝගී තත්ත්වය සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව නව රෝගීන් 30,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවනුයේ තත්ත්වය වඩාත් තීව්‍ර කරමිනි. මෙම අධික ලෙස වර්ධනය වන පිළිකා රෝගී තත්ත්වය රෝගීන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මූල්‍යමය මෙන්ම මානසික ආතතිය අතින් විශාල වශයෙන් පීඩාවන් ගෙන දෙන කාරණාවක් වී ඇත.

මෙහිදී පීඩාවට පත් වූ පවුල්වල සිසුන්ට ඇති වන මානසික පීඩා, නිවසේ වගකීම් වැඩි වීම මෙන්ම, මතු වන ආර්ථික ප්‍රශ්න නිසා ඔවුන්ගේ අධ්‍යාපන ගමන ගැටලුකාරී වී ඇති අවස්ථා බොහොමයක් දැකගත හැකිය. ඒ අනුව සිසුන්ගේ අනාගතය තීරණය කරන, ජිවිතයේ වටිනා කඩ ඉමක් වන උසස් පෙළ විභාගය සඳහා ඔවුන් දිරිමත් කරමින් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීම අරමුණු කර ගෙන තම Vernolac නිෂ්පාදනයෙන් ලැබෙන ලාභය යෙදවීමට Fadna ආයතනය කටයුතු කර ඇත.

Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන ලෙස නම් කර ඇති එහි සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීම Fadna ආයතනයේ ප්‍රදානත්වයෙන් හා මොරටුව නිව් horizon සිංහ සමාජයේ සහයෝගීතාවෙන් 2024 මැයි මස 25 වැනි දින ගංගාරාම රජමහා විහාරයේදී, සර්ව ආගමික නායකයන් ඉදිරියේදී සිදු කෙරුණි.

මෙහිදී දශක දෙකකට අසන්න කාලයක් පුරාවට තම පාරිභෝගිකයන්ගේ විශ්වාසය නොමදව දිනා සිටින කීර්තිමත් සන්නාමයක් වන Fadna කොළඹ විශ්වවිද්‍යාලය සමඟ එක්ව හඳුන්වා දුන් නවතම නිෂ්පාදන හතර අතරින් Vernolac නිෂ්පාදනයෙන් ලැබෙන ආදායමෙන් තම කොටස Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වෙන් කිරීම තම සමාජයීය වගකීම යුහුසුලුව ඉදිරියට ගෙන යන ගමනේ තවත් වැදගත් පියවරක් ලෙස සඳහන් කළ හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT