Home » තරුණ සංවර්ධන කාර්යයන් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

තරුණ සංවර්ධන කාර්යයන් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

by yasara
July 4, 2024 4:13 pm 0 comment

ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන තරුණ සංවර්ධන කාර්යයන් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ එකී වැඩසටහන් පැවැත්වීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජාතික තරුණ සේවා සභාව වෙත සලසා දීමටත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය  හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමත් සමඟය.

යෞවනයන් අතර ඔරොත්තු දීමේ හැකියාව, ආත්ම අභිමානය හා අරමුණු පිළිබඳ හැඟීමක් ඇති කිරීම සහ ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හා අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය කුසලතාවන්ගෙන් ඔවුන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තරුණ සේවා සභාව තීරණය කර ඇත.

තරුණ ව්‍යවසායකයින් මිලියනයක් බිහි කිරීම, ජාතික සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ පිළිබඳ මාර්ගෝපදේශන, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තරුණ කඳවුරු පැවැත්වීම ජාතික තරුණ සම්මේලනයක් පැවැත්වීම යන වැඩසටහන් මේ අනුව තරුණ සේවා සභාව විසින් සැලසුම් කර ඇත.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT