219
රේගු වෘත්තීය සමිති සන්ධානය විසින් අද (04) උදෑසන අසනීප නිවාඩු වාර්තා කරමින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරය ජනාධිපතිවරයාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මැදිහත් වීම මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම රේගු කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම රේගු නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ .
එසේම දැනට ප්‍රමාද වී ඇති රාජකාරී එළඹෙන සති අන්තයට පෙර අවසාන කිරීමට ද මේ අනුව අවශ්‍ය පියවර ගනිමින් සිටිති .