Home » කොළඹ වරාය ද කඩිනමින් හරිත වරායක් කිරීමට සූදානම් වෙයි

කොළඹ වරාය ද කඩිනමින් හරිත වරායක් කිරීමට සූදානම් වෙයි

by yasara
July 4, 2024 1:10 pm 0 comment

ලෝකයේ රටවල තිබෙන ප්‍රධාන වරායන් හරිත වරායන් බවට පත්වීමත් සමඟ කොළඹ වරාය ද කඩිනමින් හරිත වරායක් බවට පරිවර්තනය කිරීමට රජය තීරණය කර ඇති බව නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ චීනයේ ෂැංහායි නාගරික ප්‍රවාහන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වොන්ග් ෂියාඕ ජී (wang xia Jie ) මහතා ඇතුළු නියෝජිත පිරිසක් සමඟ පසුගියදා (02) පැවැති විශේෂ සාකච්ඡාවක දීය‍

ලබන 2025 වසර වන විට හරිත වරායක් බවට පරිවර්තනය කිරීමට සියලු පියවරයන් ගැනිමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවැසීය.

මෙම සාකච්ඡාවේ දී දෙපාර්ශවය විසින් වෙලඳ නාවික කේෂත්‍රයේ දෙරටට බලපාන ගැටළු පිලිබඳව සාකච්ඡා කර තිබෙයි.

එමෙන්ම නාවික භාණ්ඩ සහ බහාලුම් ප්‍රති අපනයනය කිරීම සඳහා කොලඹ වරාය වැඩි වශයෙන් පරිහරණය
කිරීමටද කැමැත්ත පල කර සිටියේය.‍

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT