Home » ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර චෙස් පදක්කම් 02 ක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර චෙස් පදක්කම් 02 ක්

by yasara
July 4, 2024 12:33 pm 0 comment

ජාත්‍යන්තර චෙස් ශූරතා තරගාවලි දෙකකට සහභාගී වූ ශ්‍රී ලාංකික බාළක ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඒවායින් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

ආසියානු චෙස් සම්මේලනය මගින් කසකස්තානයේ ඉකුත් 06/09 දින සිට 06/21 දින දක්වා පැවැත් වූ ආසියානු යොවුන් චෙස් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 10 න් පහළ බාළක තරගයට සහභාගී වූ තෙහස් කිරින්ගොඩ සිසුවා රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

එසේම ජාත්‍යන්තර චෙස් සම්මේලනයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් ජෝර්ජියාවේ පැවති ලෝක ශූරතා චෙස් ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 12 න් පහළ බාළිකා තරග සදහා සහභාගී වූ ඔෂිනි ගුණවර්ධන සිසුවිය ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .

ඔවුන් දෙදෙනා අද අලුයම 04.25 ට ඩුබායි සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා එම පදක්කම්ලාභීන්ගේ දෙමාපියන් , එම සිසුන් ඉගෙනුම ලබන පාසැල් වල ගුරු භවතුන් මෙන්ම ජාතික චෙස් සම්මේලනයේ නිලධාරීන් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT