Wednesday, April 23, 2025
Home » ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති 25ක් සංශෝධනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක්

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති 25ක් සංශෝධනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක්

by mahesh
July 3, 2024 1:00 am 0 comment

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති විසි පහක් සංශෝධනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 02) ප්‍රකාශ කළේය. එක් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන හෙයින් එය සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් පමණක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන බව ද කථානායකවරයා පැවසීය. කථානායකවරයා මේ බව සඳහන් කළේ එම පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT