Home » දකුණු කොරියාව ලංකාවට පැනවූ සංචාරක සීමා ලිහිල් කරයි

දකුණු කොරියාව ලංකාවට පැනවූ සංචාරක සීමා ලිහිල් කරයි

by mahesh
July 3, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ සංචාරය කරන දකුණු කොරියානුවන් වෙත නිකුත් කර තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරු ඇඟවීම දෙවැනි මට්ටමේ සිට පළමු වැනි ස්ථානය දක්වා නම් කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි. මෙම ලිහිල් කිරීම පෙරේදා (01) සිට බලපැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ පවතින නව ආරක්ෂක සහ සෞඛ්‍යය මට්ටම මත එරට සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කොට තිබෙන බව දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. මේ අතර සංචාරක අනතුරු ලිහිල් කිරීමත් සමඟ කොරියානු සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද එරට විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT