ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් වීමෙන් පසුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් දිය හැකි සහයෝගය තවදුරටත් ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරයේ ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්‍රෝත් මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය කරා යෑමේ නියමිත දිශාව කරා ගමන් කරමින් තිබීම හේතුවෙන් ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා සෙසු රටවල් එකඟත්වය පළකළ බව පෙන්වා දෙන ඒ මහතා ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ සහාය අඛණ්ඩවම දෙන බව කියා සිටී.
ඒ මහතා මේ බව සඳහන් කළේ මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේදී පෙරේදා (01) පැවැති හමුවකදීය.
ණය ප්‍රතිව්‍යූහගතකරණය වෙනුවෙන් අමෙරිකානු රජය දැක් වූ සහායට සිය කෘතඥතාව පළකළ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් අමෙරිකාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන සහයෝගය අගය කරන බවද ප්‍රකාශ කරයි. එම සාකච්ඡාවේදී ආර්ථික සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ නිසි පරිදි පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම අගය කෙරිණි. ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චැංග් මහත්මිය සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.