Home » ලන්ඩන් නුවර බන්ධනාගාරයකදී රැඳවූවකු සමඟ ලිංගිකව හැසිරුණු නිලධාරිනියක් අත්අඩංගුවට

ලන්ඩන් නුවර බන්ධනාගාරයකදී රැඳවූවකු සමඟ ලිංගිකව හැසිරුණු නිලධාරිනියක් අත්අඩංගුවට

by mahesh
July 3, 2024 1:00 am 0 comment

දකුණු ලන්ඩනයේ බන්ධනාගාරයක සිර මැදිරියක් තුළදී රැඳවියකු සමඟ ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ නිලධාරිනියකට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ නිලධාරිනිය රැඳවියා සමඟ ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍යජාලයේ සංසරණය වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. 30 හැවිරිදි ලින්ඩා ඩි සූසා නමැති එම නිලධාරිනිය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි ද, ඇයට එරෙහිව විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයිද ලන්ඩන් නුවර මෙට්‍රොපොලිටන් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

අදාළ සිදුවීමේදී ඇය සම්පූර්ණ නිල ඇඳුමෙන් සැරසී සිටි බව වීඩියෝ පටයෙන් අනාවරණය වී ඇති අතර, ඇයට එරෙහිව විෂමාචාර චෝදනා ගොනු කර ඇතැයි වාර්තා වේ. ඇය ඊයේ ලන්ඩන් නුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT