Home » මාළුවෙක් හොටෙන් ඇන ධීවරයෙක් එතැනම මරුට

මාළුවෙක් හොටෙන් ඇන ධීවරයෙක් එතැනම මරුට

by mahesh
July 3, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

මොරැල්ලා වර්ගයේ මත්ස්‍යයකු ගෙලට ඇනීමෙන් යාපනය ගුරු නගර් ප්‍රදේශයේ ධීවරයකු පෙරේදා (01) මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා දිනපතා ධීවර කටයුතුවල යෙදෙන්නෙකි. මොහු මෙදින ද සුපුරුදු පරිදි යාපනය පන්නෙයි ප්‍රදේශයේ මුහුදේ බැස සාම්ප්‍රදායික ආකාරයට කරක් ගැසීමෙන් මාළු ඇල්ලීමේ යෙදී ඇත. ඒ අවස්ථාවේ මොරැල්ලා වර්ගයේ මත්සයකු එක්වරම එම ධීවරයාගේ ගෙල ප්‍රදේශයට ඇන තිබේ. එසේ ඇනීමෙන් එම ධීවරයා එතනම මියගොස් ඇත.

මෙම මොරැල්ලා වර්ගයේ මත්සයන් දියේ ඉගිලීමට හැකි සත්ත්වයෙකි. එමෙන්ම මෙම මත්සයා පහරදීම ද සිදු කරන බව ධීවරයෝ පවසති. මොරැල්ලා මත්සයාට දිගු හොටක් ඇති අතර එම හොට ඇනීමෙන් පසු යළි ආපසු ගැනීමට නොහැක්කේ එම හොට දිගට අනෙක් පසට නිර්මාණය වී ඇති කටු හේතුවෙනි. එම කටු ඇනීමෙන් කිසිදු අවස්ථාවක ආපසු ගත නොහැකිය.

මෙම මත්සයාගේ ඇනීමෙන් එම ධීවරයා එතනම මියගොස් ඇති අතර ඔහු ගුරු නගර් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි දෙදරු පියෙකි.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (02) යාපනය රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT