Home » දසුන් ශාන­කගේ තුන්ඉ­රි­යව් දස්කම් නුව­රට ජය ගෙනේ

දසුන් ශාන­කගේ තුන්ඉ­රි­යව් දස්කම් නුව­රට ජය ගෙනේ

by Gayan Abeykoon
July 2, 2024 3:01 am 0 comment
දසුන් ශානක

පන්දු­වෙන් හා පිත්තෙන් එක ලෙස දස්කම් පෑ කැන්ඩි ෆැල්කන්ස් පිලේ දසුන් ශානක ඊයේ පල්ලෙ­කැලේ ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වූ එල්පී­එල් තර­ගා­ව­ලියේ පළමු තර­ග­යෙන් දඹුල්ල සික්සර්ස් පිලට එරෙ­හිව කඩුලු 6ක ජයක් සිය කණ්ඩා­ය­මට අත්කර දීමට සමත් විය. කාසියේ වාසිය දිනූ කාසියේ වාසිය දිනූ කැන්ඩි පිලේ ඇරි­යු­මෙන් පළ­මුව පන්දු­වට පහර දුන් දඹුල්ල පිල ඕවර 20 අව­සන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 179ක් රැස් කළ අතර, පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි පිල ජය­ග්‍ර­හ­ණය සපුරා ගත්තේ ඕවර 17කුත්, පන්දු 2කදීය.

දඹුල්ල සික්සර්ස් පිති­ක­රු­වන්ට දැඩි තර්ජ­න­යක් එල්ල කර­මින් කඩුලු 3ක් දවාලූ දසුන් විස්මිත පිති­හ­ර­ඹ­යක නිරත වෙමින් නොදැවී ලකුණු 46ක් රැස්

මාක් චැප්මන්

මාක් චැප්මන්

කළේ පන්දු 15කිනි. ඔහුගේ ඉනි­මට හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් ඇතු­ළත් වූ අතර, තර­ගයේ වීරයා සම්මා­නය ද හිමි විය.

ඉල­ක්කය හඹා යෑමට කැන්ඩි ඉනිම ආරම්භ කළ දිනේෂ් චන්දි­මාල් පන්දු 40කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 65ක් ලබා ගැනී­මට සමත් වූ අතර, කමිඳු මෙන්ඩිස් ලකුණු 27ක් ලබා­ග­ත්තේය. දසුන් සමඟ එක්ව පස්වැනි කඩු­ල්ලට ලකුණු 72ක නොබි­ඳුණු සම්බ­න්ධ­තා­වක් ගොඩ නැඟූ ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 37කි. පන්දු 20ක් වැය වූ මැතිව්ස්ගේ ඉනි­මට හතරේ පහර 5ක් සහ හයේ පහ­රක් එක් විය

පළ­මුව පන්දු­වට පහර දුන් දඹුල්ල පිලේ මුල්පෙළ කඩුලු 4ක්ම ලකුණු 25ක් ඇතු­ළත බිඳ වැටුණු අතර,  ඉනිම පිළි­ස­කර කළ  නව­සී­ලන්ත  ජාතික මාක් චැප්මන් සහ චමිඳු වික්‍ර­ම­සිංහ පස්වැනි කඩු­ල්ලට ලකුණු 154ක නොබි­ඳුණු සම්බ­න්ධ­තා­වක් ගොඩ නැගී­මට සමත් වූහ. එය වාර්තා­පො­තට එක්වූයේ එල්පී­එල් තරග ඉති­හා­සයේ වැඩිම නොබි­ඳුණු ලකුණු සංඛ්‍යාව ලෙසිනි. ඊට පෙර 2020 එල්පී­එල් තර­ගා­ව­ලි­යේදි එව­කට ජැෆ්නා ස්ටැලි­යන්ස් පිලේ අවිශ්ක ප්‍රනාන්දු සහ සොයිබ් මලික් පිළි­වෙ­ළින් නොදැවී ලකුණු 92ක් සහ 27ක් රැස් කර­මින් තුන්වැනි කඩු­ල්ලට ලකුණු 110ක නොබි­ඳුණු සම්බ­න්ධ­තා­වක් ගොඩ නැගී­මට සමත් වූහ.

එල්පී­එල් පිටි­යට කෝඩු­කා­ර­යන් වන මාක් චැප්මන් සහ චමිඳු වික්‍ර­ම­සිංහ දෙදෙ­නාම අනගි අර්ධ ශත­ක­ව­ලට හිමි­කම් කී අතර කැන්ඩි පිලට සට­නක් දිය හැකි ලකුණු පුව­රු­වක් ලබා දීමට ද සමත් වූහ. පන්දු 61කට මුහුණ දුන් චැප්මන් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 91ක් රැස් කළ අතර, ඔහුට කදිම සහ­යක් දුන් මහ­නු­වර සාන්ත අන්තෝනි විදු­හ­ලෙන් බිහි වූ 21 හැවි­රිදි චමිඳු පන්දු 42කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 62කි. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතු­ළත් විය. පන්දු යැවී­මේදී දසුන් ශානක කඩුලු 3ක් දවා­ලීය.

එල්පී­එල් තර­ගා­ව­ලියේ දෙවැනි තර­ගය අද පස්වරු 3.00ට ගෝල් මාව­ලර්ස් සහ ජැෆ්නා කිංග්ස් අත­රත්, තුන්වැනි තර­ගය අද රාත්‍රී 7.30ට කැන්ඩි ෆැල්කන්ස් සහ කලම්බු ස්ට්‍රිකර්ස් පිල අත­රත් පල්ලෙ­කැ­ලේ­දිම පැවැත්වේ.

දඹුල්ල සික්සර්ස් – 179/4 (ඕවර 20) මාක් චැප්මන් නොදැවී 91, චමිඳු වික්‍ර­ම­සිංහ නොදැවී 62 (දසුන් ශානක 20/3)

කැන්ඩි ෆැල්කන්ස් – 183/4 (ඕවර 17.2) දිනේෂ් චන්දි­මාල් 65, දසුන් ශානක නොදැවී 46, ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී 37, කමිඳු මෙන්ඩිස් 27යි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x