Home » ලෝක බැඩ්මි­න්ටන් සැම­රුම 6දා කොළ­ඹ දී

ලෝක බැඩ්මි­න්ටන් සැම­රුම 6දා කොළ­ඹ දී

by Gayan Abeykoon
July 2, 2024 1:00 am 0 comment

ලෝක  බැඩ්මි­න්ටන් දිනය සැම­රීම සඳහා  ශ්‍රී ලංකා බැඩ්මි­න්ටන් ආය­ත­නය විසින් ලබන  6 වැනිදා කොළ­ඹදී විශේෂ උත්ස­ව­යක් සංවි­ධාන කර ඇත. රට­වල් 178කදී සැම­රෙන බැඩ්මි­න්ටන් දින­යට සම­ගා­මීව එදින පෙර­වරු 8.45ට බැඩ්මි­න්ටන් සංගම් මූල­ස්ථා­නය අස­ළදී  පැවැ­ත්වෙන පා ගම­න­කින් උත්ස­වය ඇරැඹේ.

ශ්‍රී  ලංකා බැඩ්මි­න්ටන් ආය­ත­නයේ නිල­ධා­රීන්, විධා­යක කමි­ටුවේ සාමා­ජි­ක­යන්, බැඩ්මි­න්ටන් ආය­ත­නයේ කාර්ය මණ්ඩ­ලය, ජාතික බැඩ්මි­න්ටන් සංචි­තයේ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්,  බැඩ්මි­න්ටන් ආය­ත­නයේ කලා­පීය සංව­ර්ධන කමි­ටුව විසින් පවත්වා ගෙන­යනු ලබන පුහුණු සංචි­ත­වල ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් සහ පුහු­ණු­ක­රු­වන්, පුහුණු සංචි­ත­වල මාපි­යන්ගේ කමි­ටුව සහ විවිධ පාස­ල්වල නියෝ­ජි­ත­යන් ඇතු­ළුව 350කට අධික පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වීමට නිය­මි­තය.

ශ්‍රී  ලංකා ගුවන් හමු­දාවේ තූර්ය­වා­දන කණ්ඩා­යමේ සංගීත වාද­න­යෙන් සහ සැර­සිලි වාහන පෙළ­කින් එම පා ගමන වර්ණ­වත් වනු ඇත. මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා බැඩ්මි­න්ටන් ආය­ත­නය අස­ලින් ඇරැ­ඹෙන පා ගමන හෝටන් පෙදෙස, ඇල්බට් චන්ද්‍ර­වං­කය, නිද­හස් මාවත ඔස්සේ කිලෝ­මී­ටර් 2.8ක දුරක් ආව­ර­ණය වන පරිදි පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.

ක්‍රීඩා  හා තරුණ කට­යුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසා­නා­යක මහතා සමා­ර­ම්භක උත්ස­වයේ ප්‍රධාන ආරා­ධිත අමුත්තා ලෙස සහ­භාගි වන අතර,  බැඩ්මි­න්ටන් ආය­ත­නයේ සභා­පති රොහාන් ද සිල්වා සහ කලා­පීය සංව­ර්ධන කමි­ටුවේ සභා­පති රොෂාන් ගුණ­ව­ර්ධන මහ­ත්වරු ද එම අව­ස්ථා­වට එක්වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x