Home » විස්සයි20 ලෝක කණ්ඩා­යම නම් කරයි

විස්සයි20 ලෝක කණ්ඩා­යම නම් කරයි

ඉන්දි­යා­වෙන් 6ක්: ඇෆ්ග­නි­ස්තානයෙන් 3ක්

by Gayan Abeykoon
July 2, 2024 1:00 am 0 comment

විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යෙන් පසු ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය නම් කළ අයි­සීසී විස්සයි20 ලෝක කණ්ඩා­ය­මට ශූර­තාව දිනූ ඉන්දීය පිලේ ක්‍රීඩ­ක­යන් 6 දෙනකු ඇතු­ළත් වන බව වාර්තා වේ. ලෝක ශූර ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා නාය­ක­ත්ව­යට නම් කර­මින් පසු­ගි­යදා අයි­සී­සීය නිකුත් කළ විස්සයි20 ලෝක කණ්ඩා­ය­මට මෙවර තර­ගා­ව­ලියේ පෙර­ළි­කාර කණ්ඩා­යම බවට පත්වූ ඇෆ්ග­නි­ස්තාන පිලේ ක්‍රීඩ­ක­යන් තිදෙ­නකු ද ඇතු­ළත් වන අතර, සුපිරි අට වට­යට පැමිණි බට­හිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේ­ලි­යානු කණ්ඩා­ය­ම්වල  ක්‍රීඩ­ක­යන් ද ඒ අත­රට එක්වී සිටිති. මෙහි කැපී පෙනෙන විශේ­ෂ­ත්වය වන්නේ අව­සන් පූර්ව වට­යට පිවිසි දකුණු අප්‍රි­කාවේ හෝ එංග­ලන්ත පිලේ කිසිදු ක්‍රීඩ­ක­යකු එම කණ්ඩා­ය­මට ඇතු­ළත් නොවී­මය. දකුණු අප්‍රි­කානු පිලේ ඇන්රිච් නෝයේ 12 වැනි ක්‍රීඩ­කයා ලෙස නම් කර තිබේ. ඒ අනුව ලෝක කණ්ඩා­ය­මට ඇතු­ළත් වී ඇත්තේ රට­වල් 4කට අයත් ක්‍රීඩ­ක­යන් පමණි.

ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචා­ර­ක­යන් වන හර්ෂ බොග්ලේ, ඉයන් බිෂොප් සහ කාස් නයිදු සමඟ ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලයේ ක්‍රිකට් සාමා­න්‍ය­ාධි­කාරි වසීම් ඛාන් ලෝක කණ්ඩා­යමේ තේරීමේ කමි­ටු­වට ඇතු­ළත් වූහ.

අයි­සීසී විස්සයි20 ලෝක කණ්ඩා­යම මෙසේය.

රෝහිත් ෂර්මා (නායක), සූර්ය­කු­මාර් යාදෙව්, හර්දික් පාණ්ඩ්‍යා, අක්ෂාර් පටේල්, ජස්ප්‍රිට් බුම්රා සහ අර්ෂ්දීප් සිං (ඉන්දි­යාව), රහ්ම­නුල්ලා ගුර්බාස්, රෂීඩ් ඛාන් සහ ෆසා­ල්හක් ෆරූකි (ඇෆ්ග­නි­ස්තා­නය), නිකො­ලස් පූරන් (බට­හිර ඉන්දීය කොදෙව්) සහ මාකස් ස්ටොයි­නිස් (ඔස්ට්‍රේ­ලි­යාව)

ෆවුස් මොහො­මඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x