Home » එංග­ලන්ත යොවුන් පිල ලකුණු 360යි

එංග­ලන්ත යොවුන් පිල ලකුණු 360යි

by Gayan Abeykoon
July 2, 2024 1:00 am 0 comment

සංචා­රක ශ්‍රී ලංකා යොවුන් පිල හා එංග­ලන්ත යොවුන් පිල අතර දෙවැනි එක්දින තර­ගයේ මුලින් පන්දු­වට පහ­ර­දුන් එංග­ලන්ත යොවුන් පිල ඕවර් 50 අව­සා­නයේ  කඩුලු 7කට ලකුණු 360ක් රැස්කර ප්‍රබල තත්ත්ව­ය­කට පැමි­ණී­යේය.

එංග­ල­න්තයේ හෝව්හිදී ඊයේ පැවැති තර­ගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දු­වට පහ­ර­දී­මට එංග­ලන්ත පිල තීර­ණය කළ අතර, ආර­ම්භක පිති­කරු ෆ්‍රෙඩී මැක්කාන් පන්දු 139කදී හයේ 3ක් හා හතරේ 22ක් සමඟ ලකුණු 174ක් ලබා ගත්තේය.

තරග 3කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලියේ පළමු එක්දින තර­ග­යන් ලකුණු 65ක විශිෂ්ට ජයක් ලබා ගැනී­මට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩ­කයෝ සමත් වූහ. ‍

ශ්‍රී ලංකා යොවුන් පිල හා එංග­ලන්ත යොවුන් පිල අතර අව­සන් එක්දින තර­ගය හෙට හෝව්හි ක්‍රීඩාං­ග­ණ­යේ­දීම පැවැත්වේ.

එංග­ලන්ත යොවුන් පිල කඩුලු 7කට ලකුණු 360 (ඕවර් 50)

ෆ්‍රෙඩි මාක්කාන් 174, නොහා තාහින් 66, චාලි ඇලි­සන් 46, ඩොමි­නික් කෙලී නොදැවී 32  (දිනුර කළු­ප­හන 81/5, දුමින්ද සෙව්මිණ 91/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x