Home » ඕල්ඩ් බෙන්ස් පරා­ජය කළ නිව්ස්ටාර් පාපන්දු පිල කොළඹ ලීගයේ අව­සන් සට­නට

ඕල්ඩ් බෙන්ස් පරා­ජය කළ නිව්ස්ටාර් පාපන්දු පිල කොළඹ ලීගයේ අව­සන් සට­නට

by Gayan Abeykoon
July 2, 2024 1:20 am 0 comment
නිව්ස්ටාර් හා ඕල්ඩ්බෙන්ස් ක්‍රීඩා සමාජ අතර පාපන්දු තර­ගයේ අව­ස්ථා­වක්.

කොළඹ පාපන්දු ලීගය සංවි­ධා­නය කරන පළමු පෙළ පාපන්දු තර­ගා­ව­ලියේ පෙරේදා අව­සන් වටයේ තර­ග­ය­කදී ඕල්ඩ් බෙන්ස් පරදා ජය වාර්තා කළ නිව්ස්ටාර් පිල මේ 16 වැනිදා පැවැ­ත්වෙන අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලබා ගත්හ. ඒ අනුව පළමු අව­සන් පූර්ව තර­ග­යේදී රත්නම් පිල පරදා දඬුවම් පහර 4-3කින් ජය­ගත් චැලෙ­න්ජර්ස් ක්‍රීඩා සමා­ජය සමඟ නිව්ස්ටාර් අව­සන් මහා තරග බිමට පිවිසේ.

කොළඹ සිටි­ලීග් ක්‍රීඩා පිටි­යේදී පැවැති නිව්ස්ටාර් – ඕල්ඩ් බෙන්ස් අතර තර­ග­යේදී නිව්ස්ටාර් වෙනු­වෙන් එම්. අනාස් හා මොහො­මඩ් උමර් ගෝලය බැගින් ලබා­ගත් අතර, මොහො­මඩ් සාකි ගෝල් 2ක් වාර්තා කළේය.  ඕල්ඩ් බෙන්ස් පිල වෙනු­වෙන් එකම ගෝලය එස්. එම්. හුසේන් වාර්තා කළේය.

ශ්‍රී ලංකා පාපන්දු සංග­මය විසින් නිර්දේ­ශිත මෙම පළමු පෙළ පාපන්දු තර­ගා­ව­ලිය කොළඹ පාපන්දු ලීගය විසින් වසර 5කට පසුව සංවි­ධා­නය කර ඇති අතර, ජාතික පාපන්දු කණ්ඩා­ය­මට ක්‍රීඩා කර ඇති ක්‍රීඩ­ක­යින් කිහි­ප­දෙ­න­කුම එක්ව සිටීම විශේ­ෂ­ත්ව­යකි.

 

ප්රින්ස් ගුණ­සේ­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x