Home » බෙරිල් සුළි කුණා­ටුව හේතු­වෙන් ඉන්දීය පිල බාබ­ඩෝ­ස්වල සිර­වෙලා
ගුවන්තොටු­පොළ වහලා: ඇඳිරි නීතිය දාලා වගෙයි

බෙරිල් සුළි කුණා­ටුව හේතු­වෙන් ඉන්දීය පිල බාබ­ඩෝ­ස්වල සිර­වෙලා

ශූර­යින්ට පිරි­නැමූ කෝටි 747ට අම­ත­රව ඉන්දි­යා­වෙන් තවත් රු. කෝටි 457ක මුදල් තෑග්ගක්

by Gayan Abeykoon
July 2, 2024 1:30 am 0 comment
ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහතා හෝට­ලයේ සිටින ඉන්දීය කණ්ඩා­යමේ නායක රෝහිත් ෂර්මාට දුර­ක­ත­න­යෙන් සුබ පැතුම් එක්කළ අව­ස්ථාව.

ලෝක ශූර ඉන්දීය කණ්ඩා­යම ගමන් ආරම්භ කිරී­මට සිටි බාබ­ඩෝස් ග්‍රාන්ට්ලි ඇඩම්ස් ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පළ බෙරිල් සුළි කුණා­ටුව හේතු­වෙන් වසා දැමීම නිසා ක්‍රීඩ­ක­යින් නවා­තැ­න්ගෙන සිටින හෝට­ලයේ තව­මත් සිරවී සිටියි. රෝහිත් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩා­යම ඊයේ වන විට බාබ­ඩෝස් වෙර­ළට ආසන්න තරු පහේ හෝට­ල­යක නැවැතී සිටින අතර, ඒ ආස­න්න­යෙන් මෙම බෙරිල් සුළි කුණා­ටුව ගමන් ගන්නා බවට කාල­ගුණ අනා­වැකි පළ­වී­මත් සමඟ ගුව­න්තො­ටු­පළ ඉරිදා රාත්‍රියේ සිට වසා දමන බව බාබ­ඩෝස් අග­මැ­තිනි මියා මොට්ලි ප්‍රකාශ කළාය. දැන­ට­මත් සුළි කුණා­ටුව සමඟ පොද වැස්සක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

මේ හේතු­වෙන් ගුව­න්තො­ටු­පළ යළි විවෘත කරන තුරු ඉන්දීය කණ්ඩා­ය­මට බාබ­ඩෝස් හි කඳ­වුරු බැඳී­මට සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳ­හන් කළේය.ඉන්දීය කණ්ඩා­යම බාබ­ඩෝස් සිට නිව්යෝර්ක් වෙත පැය 4කට ආසන්න කාල­යක් පියා­සර කොට ඩුබායි හරහා ඉන්දි­යා­වට පැමි­ණී­මට කලින් සැල­සුම් කොට තිබු­ණද, නිව්යොර්ක් සිට කුලි­යට ගත් විශේෂ ගුවන් යාන­යක් මඟින් (Direct Chartered Flight) නව­දිල්ලි ගුව­න්තො­ටු­පොළ වෙත පැමි­ණී­මට දැන් කට­යුතු යොදා ඇත. ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ දැනු­ම්දී­මට අනුව ඉන්දීය ක්‍රීඩ­ක­යින් පළ­මුව ලෝක කුස­ලා­න­යද සමඟ අග­මැ­ති­ව­රයා හමු­වීම සැල­සු­මවී තිබේ.

මෙම මුහුදු සුළි කුණා­ටුව අද අලු­යම බාබ­ඩෝස් හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, මේ හේතු­වෙන් ඉන්දීය කණ්ඩා­යම පැය 36ක් 48ක් අතර කාල­යක් සිරවී සිටිය හැකි බව සඳ­හන් කර ඇත. ඉන්දීය කණ්ඩා­යමේ සිය­ලුම ක්‍රීඩ­ක­යින් හෝට­ලයේ සම්පූ­ර්ණ­යෙන්ම පිරී ඇති අතර, කිසි­වෙ­කුට පිට­තට යාමට අව­සර නැත. විදෙස් වාර්තා­ව­ලට අනුව හෝට­ලයේ කාර්ය මණ්ඩ­ලය ද සීමි­තය. ඉන්දීය ක්‍රීඩ­ක­යින්ට පෝලි­ම්වල සිට­ගෙන රාත්‍රී ආහා­රය ගැනී­මට සිදුවූ බව පැවැසේ. බාර්බ­ඩෝස්හි ඇඳිරි නීතිය වැනි වාතා­ව­ර­ණ­යක් පව­තින අතර, කුම­කින් කුමක් වන්නේද යන්න කිසි­වෙ­කුත් නොදන්නා බව වාර්තා­වල සඳ­හන් වේ.

මේ අතර ඉන්දීය කණ්ඩා­යම පැමිණි වහාම රුපි­යල් කෝටි 125ක ත්‍යාග මුද­ලක් ලබා­දෙන බවට ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා මහතා ප්‍රකා­ශ­යට පත් කළේය. එම මුදල ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 457කි. මෙය ලෝක කුස­ලාන ජය වෙනු­වෙන් අයි­සී­සීය ශූර­යින්ට ලබා­දෙන අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2.45ට (රුපි­යල් කෝටි 747ට) අම­ත­රව ලැබෙන තෑග්ගති.

බාබ­ඩෝස් හි පැවති තියුණු අව­සන් මහා තර­ග­යේදී දකුණු අප්‍රි­කාව ලකුණු 7කින් පරා­ජය කිරී­මට ඉන්දි­යාව සමත් වූයේ විස්සයි20 ආකෘ­ති­යෙන් ඔවුන් හිමි­ක­ර­ගත් දෙවැනි ලෝක ශූර­තාව සට­හන් කර­මිනි.

ප්රින්ස් ගුණ­සේ­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x