Home » මැද­ගම මධු­ශානි තුන්පිම්ම ජාතික ශූරිය වෙයි

මැද­ගම මධු­ශානි තුන්පිම්ම ජාතික ශූරිය වෙයි

by Gayan Abeykoon
July 2, 2024 1:28 am 0 comment

හෝමා­ගම දිය­ගම මහින්ද රාජ­පක්ෂ ක්‍රීඩාං­ග­ණ­යේදී පසු­ගි­යදා පැවැති ජාතික මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සමා­ජය නියෝ­ජ­නය කළ නෙත්මිකා මධු­ශානි හේරත් ක්‍රීඩි­කාව තුන්පිම්ම කාන්තා තර­ඟය මීටර් 13.13 නිම­කර ප්‍රථම ස්ථානය හිමි­ක­ර­ගෙන ජාතික ශූරිය බවට පත් වූවාය.

දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුද­ හ­මු­දාවේ ඊ.එම්.එස්. උපේක්ෂා දිනා­ගත් අතර, ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ එච්. එන්. එන්. හෙට්ටි­ආ­රච්චි විසින් තෙවන ස්ථාන­යත් හිමි­ක­ර­ ගන්නා ලදි.

මධු­ශානි හේරත් බිබිල අධ්‍යා­පන කාලා­පයේ මොන­රා­ගල මැද­ගම නන­න්පු­රාව මහා විද්‍යා­ලයේ ඉගෙ­නුම ලබන ශිෂ්‍යා­වකි.

ඇය මේ වසරේ පැවැති ආසි­යානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී තුන් පිම්ම ඉස­ව්වෙන් ශ්‍රී ලංකා­වට රිදී පද­ක්ක­මක් දිනා­ දී­මට සමත් වූවාය. ඇය එහිදී කාන්තා තුන් පිම්ම ඉසව්ව මීටර් 13.01ක දක්ෂ­තා­ව­කින් රිදී පද­ක්කම දිනා­ගත් අතර, ඇයගේ හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව වූවාය. මෙවර ජාතික මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී එම පෞද්ග­ලික දක්ෂ­තාව අභිභවා යෑම විශේ­ෂ­ත්ව­යකි.

ඩී.එස් ගුණ­ති­ලක ඌව වෙල්ලස්ස විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x