Home » වේග පන්දුවට හයේ පහර ගහන්න කෝලිලාට ඉගැන්වූ ශ්‍රී ලංකා පුහුණුකරු

වේග පන්දුවට හයේ පහර ගහන්න කෝලිලාට ඉගැන්වූ ශ්‍රී ලංකා පුහුණුකරු

by Gayan Abeykoon
July 2, 2024 1:26 am 0 comment
කෝලි තර­ගයේ වීරයා සම්මා­නය ශ්‍රී ලංකා පුහු­ණු­කරු නුවන් සෙනෙ­වි­රත්න අතට දෙයි

කලක සිට ඉන්දීය පිලට වමත් වේග පන්දු යව­න්නන් අවම බැවින් පුහු­ණු­වීම්වලදී පැයට කිලෝ­මී­ටර් 145ක – 150ක අධික වේග­ය­කින් ඉන්දීය පිති­ක­රු­වන් වෙත පන්දු යොමු කිරීම උදෙසා සේවය ලබා දුන්නේ ශ්‍රී ලංකා පුහු­ණු­ක­රු­වෙකි. එම පුහු­ණු­වෙන් තමන් වෙතට ඕනෑම වේග­ය­කින් එන පන්දු­ව­කට හයේ පහ­රක් එල්ල කිරීමේ අභි­යෝ­ගය ජය ගැනී­මට හැකිවූ බව විරාත් කෝලි සඳ­හන් කර සිටී. මේ නිසාම විස්සයි20 ලෝක කුස­ලා­න­යේදී තමන් ලද තර­ගයේ වීරයා සම්මා­නය ක්‍රීඩක විවේ­කා­ගා­ර­යට ගොස් ශ්‍රී ලංකා පුහු­ණු­කරු වෙත ලබාදී ඡායා­රූ­ප­යක් ගැනී­මට කෝලි අම­තක නොක­ළේය.

ඉන්දීය කණ්ඩා­යම වෙනු­වෙන් පුහුණු කිරී­ම්ව­ලදී සහාය වන ‘ත්‍රෝඩ­වුන් විශේ­ෂඥ පුහු­ණු­කරු’ (Throwdown Specialist) වෙන කවු­රුත් නොවේ. ඔහු නුවන් සෙනෙ­වි­රත්න නොහොත් ‘බව්වා’ ලෙසින් හඳු­න්වන ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩ­ක­යෙකි. ඔහුගේ අති සුවි­ශේෂ වේග­පන්දු යැවීමේ අභ්‍යාස මඟින් තම කණ්ඩා­යමේ ක්‍රීඩ­ක­යන්ට ලෝක මට්ටමේ පුහු­ණු­වක් ලබා ගැනී­මට උප­කාරී වූ බැවින් ඔහුට අවංක ස්තුතිය සහ ගෞර­වය පිරි­න­මන බව විරාත් කෝලි සඳ­හන් කළේය.

නුවන් සෙනෙ­වි­රත්න වම­තින් පන්දු විසි­කි­රීම හා වම­තින් වේග­පන්දු යැවීම සිදු­ක­රන හෙයින් ඔහු වෙත වැඩි අව­ධා­න­යක් ඉන්දීය ක්‍රිකට් ආය­ත­නය යොමු කළේය.

දැනට 44 හැවි­රිදි වියෙහි පසු­වන නුවන් සෙනෙ­වි­රත්න ශ්‍රී ලංකාවේ හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩ­ක­යෙක් වන අතර, කොළඹ ක්‍රිකට් සමා­ජයේ ආදී ක්‍රිකට් ක්‍රීඩ­ක­යෙකි. එසේම ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩා­යම, ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩා­යම සමඟ කට­යුතු කොට අත්දැ­කීම් වැඩි කර­ගෙන තිබිණි.

ක්‍රිකට් ක්‍රීඩා­වෙන් ඔහුට ජීව­නෝ­පාය සොයා ගැනී­මට නොහැකි තත්ත්ව­යක් උදාවී තිබි­යදී තමන් සතු වෑන් රථ­යක් මඟින් පාසල් දරු­වන් ප්‍රවා­හ­නය කිරීම ඔහු ශ්‍රී ලංකා­වේදී සිදු කළේය. මැද­පෙ­ර­දිග රැකි­යා­ව­කට ගොස් කට­යුතු කළ අයෙක් ලෙසද නුවන් සෙනෙ­වි­ර­ත්නගේ ජීවිත කතාව කියැ­වෙයි. 2018 වස­රේදී ඉන්දීය කණ්ඩා­යම ඔහුගේ සේවය ලබා ගැනී­මට කට­යුතු කළේය. එදින සිට මේ දක්වා ඉන්දීය ජාතික කණ්ඩා­යම වෙනු­වෙන් ස්ථිර ලෙස ඔහු සේවය කර­මින් සිටී. ඔහුට මේ වන විට ඉතා විශාල වැටු­පක් සහ තවත් වර­ප්‍ර­සාද රැසක්ද ලබාදී ඇතැයි පැවැසේ.

එක්තරා කාල­ය­කදී ප්‍රබල ඉන්දීය පිති­ක­රුවෝ වමත් වේග පන්දු යව­න්නන් ඉදි­රියේ අස­රණ වූහ. මිචෙල් ස්ටාක්, මුස්ට­ෆි­සුර් රෙහෙ­මාන්, ට්‍රෙන්ට් බෝල්ට්, වහාබ් රියාස් හා ෂයින් ෂා අෆ්රිඩි ඒ අත­රින් ප්‍රධාන තැනක් ගත්හ. ඒ වමත් වේග පන්දු භීති­කා­වෙන් ඉන්දීය පිති­ක­රු­වන් ගලවා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ නුවන් සෙනෙ­වි­රත්න බව ඉන්දීය ක්‍රිකට් බල­ධා­රීන් පවා පිළි­ගෙන ඇත.

විරාත් කෝලි ඔහුගේ සාර්ථ­ක­ත්වය පිටු­පස සිටින කෙනෙක් ලෙස ශ්‍රී ලංකාවෙ නුවන් සෙනෙ­වි­රත්න හඳුන්වා දී ඇත. දිනෙක පුහුණු සැසි­යක් අත­ර­තුර නුවන් විසි­කළ පන්දු­වක වේගය කියවා ගැනී­මට බැරිවූ විරාත් කෝලිගෙ ඉල ඇට ප්‍රදේ­ශයේ පන්දුව වැදුණි. එහි වේගය පැයට කිලෝ­මී­ටර් 150කට ආසන්න වූ බව පැවැසේ. එහිදී නුවන් කෝලි ළගට ගොස් සමා­වෙන්න කිව්වත් කෝලි  “නෑ..නෑ..එ්කට කමක් නෑ තවත් හයි­යෙන් එවන්න“ යැයි පැවැ­සීය. දැන් අවු­රුදු 6කට ආසන්න කාල­යක් නුවන් ඉන්දීය පිති­ක­රු­වන්ට වම­තින් පන්දුව විසි­කර වේග පන්දු­වට පහ­ර­දෙන ආකා­රය පුහු­ණු­ක­ර­මින් සිටී.

අන්න ඒ නිසයි මොන තරම් වේග­ය­කින් එන පන්දු­ව­කට වූවත් කෝලිලා, ෂර්මලා හයේ ඒවා හතරේ එ්වා ගහන්න පුරුදු වුණේ.

ප්රින්ස් ගුණ­සේ­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x