Friday, July 5, 2024
Home » අතු­රු­දන්ව ඇති මුල්ලේ­රි­යාවේ ව්‍යාපා­රි­කයා පිළි­බ­ඳව තොර­තු­රක් දැන­ගැ­නී­මට පොලි­සිය මහ­ජන සහය පතයි

අතු­රු­දන්ව ඇති මුල්ලේ­රි­යාවේ ව්‍යාපා­රි­කයා පිළි­බ­ඳව තොර­තු­රක් දැන­ගැ­නී­මට පොලි­සිය මහ­ජන සහය පතයි

by Gayan Abeykoon
July 2, 2024 3:20 am 0 comment

මුල්ලේ­රි­යාව මාලි­ගා­ගො­ඩැල්ල ප්‍රදේ­ශයේ පදි­චිව සිටි 47 හැවි­රිදි කුරු­විට ආර­ච්චිගේ දොන් හරි­ශ්චන්ද්‍ර හෙවත් වැලි­ශාන්ත නමැත්තා පසු­ගිය ජුනි 17 වැනිදා සිට නිවෙ­සට නොපැ­මිණි බව ඔහුගේ බිරිඳ විසින් මුල්ලේ­රි­යාව පොලි­සිය වෙත පැමි­ණිලි කරන ලදි.

පැමි­ණිල්ල ලද දිනම මුල්ලේ­රි­යාව පොලි­සිය අධි­ක­ර­ණය වෙත කරුණු වාර්තා කර දුර­ක­තන විශ්ලේ­ෂණ වාර්තා ද ලබා­ගෙන ඇත. පොලිස් නාවික නිල­ධා­රීන් යොදවා මාලබේ චන්ද්‍රිකා කුමා­ර­තුංග මාවතේ ඇළ ද සෝදි­සි­යට ලක් කිරී­මට පිය­වර ගෙන ඇත.

මේ සම්බ­න්ධ­යෙන් පුද්ග­ල­යන් ගණ­නා­ව­ක­ගෙන්ම ප්‍රකාශ සට­හන් කර ගනි­මින් විම­ර්ශන කට­යුතු පව­ත්වා­ගෙන යනු ලබන බව මුල්ලේ­රි­යාව පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා පව­සයි.

අතු­රු­දන් පුද්ග­ලයා පිළි­බ­ඳව තොර­තු­රක් දන්නා අයෙක් සිටි නම් මුල්ලේ­රි­යාව පොලි­සියේ ස්ථානා­ධි­පති 071 8591653 හෝ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති 071 85 94351 යන දුර­ක­තන අංක­ව­ලට දන්වන ලෙස පොලි­සිය මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරයි.

 

මුල්ලේ­රි­යාව - සිරි­සේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x