මොරටුව, ඉදිබැද්ද, කටුවපිටිය පාරේ පිහිටි වඩු කාර්මික ස්ථානයක ඉකුත් 29 වැනිදා අලුයම 1.30 ට පමණ ඇතිවූ හදිසි ගින්නකින් එහි දේපළ සහ මෝටර් රථයක් ගින්නට හසුවී දැවී අලාභ හානි සිදුවී ඇතැයි මොරටුව මහ නගර සභා ගිනි නීවීම් සේවා දෙපාර්තමේන්තුවේ ස්ථාන භාර නිලධාරි කේ.පී.ඩී.නලීන් දුල්සිරි කුමාර මහතා පවසයි. මෙම ගින්න ඇතිවූ සැනින් ජල බවුසරයක් හා ගීනි නිවීමේ රථයක් එකක් සමඟ කණ්ඩායම් භාර නිලධාරි එම්.එස්.එල්. ප්‍රනාන්දු, යාන්ත්‍රික ගිනිභට ඩබ්. ජී.කේ.චාමර, ඒ.වී.ජී. තිලංග, ඇතුළු ගිනිභටයින් වන එම්.ටී.එස්. ප්‍රනාන්දු, ටී.ආර්.එස්. ගුණතිලක, ටී.ආර්.එම්. ප්‍රනාන්දු, එච්.පී. ගිංතොට, ජේ.සී.එම්. පෙරේරා යන කණ්ඩායම ගොස් ගින්න පාලනයට කටයුතු කරනු ලැබ ඇත.
මෙම අංගණයේ නවතා තිබූ මෝටර් රථය ගින්නට හසුවී තිබූ අතර, දැඩි පරිශ්රමයක් දරා එළියට ඇද බේරා ගැනීමට හැකිවී ඇති නමුත් ඉදිරිපස ගිනිගෙන දැවී ගොස් තිබූ බවත්, වඩු කර්මන්ත ශාලාව තුළ තිබූ නිෂ්පාදිත භාණ්ඩ විශාල ප්රමාණයක් ගින්නට හසුවී දැවී ගොස් තිබූ බවත් අසල පිහිටි නිවෙසට ගින්න පැතිර යාමට නොදී පාලනය කර ගැනීමටත් හැකිවූ බවත් දුල්සිරි මහතා වැඩි දුරටත් පැවැසීය.