Friday, July 5, 2024
Home » ලක්ෂ හැට­කට වඩා වටි­නා­ රන් – රිදී කොල්ලකෑ අයෙක් අයිස් සමඟ මාට්ටු

ලක්ෂ හැට­කට වඩා වටි­නා­ රන් – රිදී කොල්ලකෑ අයෙක් අයිස් සමඟ මාට්ටු

by Gayan Abeykoon
July 2, 2024 3:18 am 0 comment

රාත්‍රී කාල­යේදී වසා දමා තිබෙන වෙළෙ­ඳ­ස­ල්ව­ලට ඇතුළු වී එහි තිබූ රුපි­යල් ලක්ෂ හැට­කට අධික වටි­නා­ක­ම­කින් යුත් රන් භාණ්ඩ හා දේපළ සොරා­ගත් පුද්ග­ල­යකු, අයිස් මිලි­ග්‍රෑම් 5080ක් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව බස්නා­හිර පළාත දකුණ අප­රාධ කොට්ඨා­සය පව­සයි.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ දෙහි­වල ප්‍රදේ­ශයේ පදිංචි 50 හැවි­රිදි පුද්ග­ල­යකු බව පොලි­සිය පව­සයි.

රාජ­ගි­රිය, ඔබේ­සේ­ක­ර­පුර ප්‍රදේ­ශයේ සැරි­ස­රන පුද්ග­ල­යකු රිදී හා රන් භාණ්ඩ ඉතා අඩු මිලට විකුණා අයිස් පානය කරන බවට බස්නා­හිර පළාත දකුණ අප­රාධ කොට්ඨා­සයේ ඒකක 2 වැඩ බලන ස්ථානා­ධි­පති පොලිස් සැර­යන්(38723) රංජිත් නිල­ධා­රි­යාට ලද තොර­තු­ර­කට අනුව නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් වැලි­කඩ අරු­ණෝ­දය මාවතේ සිදු කළ වැට­ලී­ම­කදී අයිස් ග්‍රෑම් 5, මිලි­ග්‍රෑම් 80ක් සමඟ සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව සිදු කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී 2022.08.01 දින මහ­නු­වර ප්‍රදේ­ශයේ රන් භාණ්ඩ වෙළෙ­ඳ­ස­ලක් කඩා සොරා­ගෙන තිබූ රුපි­යල් 6,80.000 වටිනා රන් හා රිදී භාණ්ඩ අත­රින් ග්‍රැම් 350ක රිදී මාල 03 ක්, බ්‍රේස්ලට් 03ක් හා මුදු 08ක් හෙට්ටි­වි­දිය හා වැලි­කඩ අරු­ණෝ­දය මාව­තෙන් සොයා ගෙන තිබේ.

එහිදී සැක­කරු සන්ත­කයේ තිබූ රුපි­යල් 120,000ක් වටිනා ජංගම දුර­ක­ත­නය පිළි­බ­ඳව වැඩි­දුර විම­ර්ශ­නය කිරී­මේදී එය 2022.09.03 දා රාජ­ගි­රිය ඔබේ­සේ­ක­ර­පුර ප්‍රදේ­ශයේ නිවෙ­ස­කින් සොරා ගත් එකක් බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇත.

තවද සැක­කරු මහ­නු­වර, වැලි­කඩ, තලං­ගම බොරැල්ල, හලා­වත ප්‍රදේ­ශ­වල වෙළෙ­ඳ­සල් කඩා භාණ්ඩ සොරා­ගෙන ඇති අතර ඊට සම්බන්ධ තවත් සැක­ක­රු­වන් දෙදෙ­නෙකු මේ වන­විට බන්ධ­නා­ගා­ර­ග­තව ඇති බැවින් ඉදිරි විම­ර්ශන අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කොට සිදු­කි­රී­මට නිය­මි­තය.

මේ අතර නාවල ප්‍රදේ­ශයේ ගොඩ­නැ­ගිලි ද්‍රව්‍ය වෙළෙ­ඳ­ස­ලක් කඩා එහි තිබූ වතුර මෝටර් හා වයර් තොග­යක් කොල්ලකා පලා ගොස් තිබූ අතර එම භාණ්ඩ මීට පෙර වැලි­කඩ පොලි­සිය මඟින් සොයා­ගෙන සැක­කරු බන්ධ­නා­ගා­ර­ගත කර තිබූ බව පැවසේ.

එසේම දෙම­ට­ගොඩ ප්‍රදේ­ශයේ ගොඩ­නැ­ගිලි ද්‍රව්‍ය වෙළෙ­ඳ­ස­ලක් කඩා භාණ්ඩ සොරා­ගැ­නීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් බන්ධ­නා­ගා­ර­ග­තව සිට මීට දින හත­ර­කට පෙර ඇප මත නිද­හස්ව ආ අයකු බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු අලු­ත්කඩේ අංක 4 අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරීම සඳහා වැලි­කඩ පොලි­සි­යට භාර­දී­මට නිය­මි­තය.

 

කොට්ටාව - ප්රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x