Friday, July 5, 2024
Home » 75000ක සන්නි­වේ­දන රැහැන් කපා තඹ විකුණා අයිස් ගහලා

75000ක සන්නි­වේ­දන රැහැන් කපා තඹ විකුණා අයිස් ගහලා

පස් දෙනාගේ කල්ලි­යේ මොළ­කරු කොටු

by Gayan Abeykoon
July 2, 2024 7:04 am 0 comment

රුපි­යල් ලක්ෂ හැත්තෑ පහ­කට අධික වටි­නා­ක­මින් යුත් දුර­ක­තන සන්නි­වේ­දන රැහැන් කපා ඒවායේ තඹ ඉතා අඩු මිලට විකුණා අයිස් පාන­යට පුරු­දුව සිටි පස් දෙනෙ­කු­ගෙන් යුත් කල්ලි­යක මහ මොළ­ක­රු­වකු, සොරා­ගත් තඹ කිලෝ විසි හතක් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව කොට්ටාව පොලි­සිය පව­සයි.

සැක­කරු මෙරට දුර­ක­තන සන්නි­වේ­දන සමා­ග­මක සේවය කළ වල්පොළ, ලේක්ස­යිඩ් ප්‍රදේ­ශයේ පදිංචි 24 හැවි­රිදි පුද්ග­ල­යකු බව පොලි­සිය පව­සයි.

කොට්ටාව, මාල­පල්ල ප්‍රදේ­ශයේ අතුරු මාර්ග­යක ඉදි­කර තිබූ RRU වර්ගයේ මීටර් 180ක් දිගැති දුර­ක­තන රැහැන් තොග­යක් කපා සොරා­ගෙන යාමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ඉකුත් 17 වැනිදා කොට්ටාව පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ලැබී තිබුණි.  ඒ අනුව අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක බුද්ධික චතු­රංග මහතා ඇතුළු නිල­ධාරි කණ්ඩා­ය­මක් කොට්ටාවේ සිට රාගම වල්පොළ දක්වා ආර­ක්ෂිත කැමරා දර්ශන 213 පරික්ෂා කර තිබේ.

එහිදී මාල­පල්ල ප්‍රදේ­ශයේ දුර­ක­තන රැහැන් කැපීම සඳහා පැමිණි ත්‍රිරෝද රථ­යෙන් බීම බෝත­ල­යක් මිලදී ගැනීම සඳහා මාකොළ ප්‍රදේ­ශයේ වෙළෙ­ඳ­ස­ල­කට පැමි­ණෙන පුද්ග­ල­යෙ­කුගේ දර්ශ­න­ව­ලින් සැක­කරු හඳු­නා­ගෙන කොට්ටාව, වෑකඩ පාර ප්‍රදේ­ශ­යේදී ත්‍රිරෝද රථ­යෙන් ගමන් කර­මින් සිටි­යදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පසුව සිදු කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී සොරා­ගත් තඹ කිලෝ 27ක්, දුර­ක­තන රැහැන් කැපීම සඳහා භාවිත කරන උප­ක­රණ කට්ට­ල­යක්, සොර­කම සඳහා භාවිතා කරන ත්‍රිරෝද රථ­යක් හා යතු­රු­පැ­දි­යක්, දුර­ක­තන රැහැ­න්වල තඹ ආව­ර­ණය කෙරෙන රබර් කොපු තොග­යක් පොලි­සිය සොයා­ගෙන තිබේ.

තව­දු­ර­ටත් සැක­ක­රු­ගෙන් ප්‍රශ්න කිරී­මේදී කඩ­වත, රාගම, හෝමා­ගම, වැලි­වේ­රිය, අත්ත­න­ගල්ල, කහ­තු­ඩුව, සීදූව, තලං­ගම, ජා – ඇළ සහ යක්කල යන පොලිස් වස­ම්ව­ලින් රුපි­යල් ලක්ෂ 75 කට අධික වටි­නා­ක­මින් යුත් දුර­ක­තන රැහැන් කැපීමේ සිද්ධීන් 24ක තොර­තුරු අනා­ව­ර­ණය වූ බවත් ඒ සම්බ­න්ධ­යෙන් අවස්ථා කිහි­ප­ය­කදී බන්ධ­නා­ගා­ර­ග­තව සිට දැනට ඇප මත නිද­හස්ව සිටි­න්නකු බවට තොර­තුරු අනා­ව­ර­ණය වූ බවත් පැවැසේ.

මෙම සොර­කම සඳහා පස් දෙනෙ­කු­ගෙන් යුත් කල්ලි­යක් සම්බන්ධ වී ඇති අතර ඉන් දෙදෙ­නෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන දැනට බන්ධ­නා­ගා­ර­ගත කර ඇති බවත් අනිත් දෙදෙනා ප්‍රදේ­ශ­යෙන් පලා­ගොස් ඇති බවත් පැවැසේ.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු හෝමා­ගම අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

 

කොට්ටාව - ප්රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x