Home » රට යවන බව පවසා පුද්ග­ල­ය­න්ගෙන් ලක්ෂ 11ක් ගැරූ හොර ඒජ­න්සි­ක­රු­වෙක් කොටු

රට යවන බව පවසා පුද්ග­ල­ය­න්ගෙන් ලක්ෂ 11ක් ගැරූ හොර ඒජ­න්සි­ක­රු­වෙක් කොටු

by Gayan Abeykoon
July 2, 2024 1:01 am 0 comment

බල­ප­ත්‍ර­යක් රහි­තව නීති විරෝධී ලෙස යුරෝ­පයේ රැකියා සඳහා යැවීමේ ජාවා­ර­මක නිර­තව සිටි රැකියා නියෝ­ජිත ආය­ත­න­යක් පව­ත්වා­ගෙන ගිය පුද්ග­ල­යකු කොට්ටාව මාකු­ඹුර ප්‍රදේ­ශයේ දී අත්අ­ඩං­ගු­වට ගත් බව විදේශ රැකියා නියුක්ති කාර්යං­ශයේ විශේෂ වැට­ලීම් අංශය පැවැ­සීය.

අදාළ ආය­ත­න­යෙන් ලබා ගැනී­මට හැකි යුරෝපා රට­වල රැකියා අව­ස්ථා­වන් පිළි­බ­ඳව සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දී තිබූ ප්‍රචා­රක කට­යුතු මත ලද තොර­තු­රක් අනුව මෙම ස්ථානය වැට­ලී­මට කට­යුතු කර තිබුණි.

මෙම රැකියා නියෝ­ජිත ආය­ත­නය මඟින් ඇල්බේ­නි­යාවේ සහ රුමේ­නි­යාවේ රැකියා සඳහා පුද්ග­ල­යින් විදෙස් ගත කරන බව පව­ස­මින් එක් පුද්ග­ල­ය­කු­ගෙන් රුපි­යල් ලක්ෂ 11ක් පමණ අය­කර ඇති බවත් එහෙත් මෙතෙක් කිසිදු පුද්ග­ල­යකු විදෙස් ගත කිරී­මට කට­යුතු කර නොමැති බවත් සිදු කළ විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වූ බවද එම ඒක­කය පැවැ­සීය.

අදාළ විදේශ රැකියා නියෝ­ජිත ආය­ත­නයේ හිමි­කරු බව කියන සැක­ක­රුට අයත් මෝටර් රථය පරීක්ෂා කිරී­මේදී එහි තිබී විදේශ ගමන් බල­පත්‍ර 60කට ආසන්න ප්‍රමා­ණ­යක් සහ පුද්ගල ජීව දත්ත පත්‍රිකා රැසක් ද සොයා ගැනී­මට හැකිව ඇත. මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ 32 හැවි­රිදි නීති­ඥ­ව­ර­යකු බව කියන පුද්ග­ල­යකි. සැක­කරු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යං­ශයේ විශේෂ විම­ර්ශන ඒක­කය සහ හෝමා­ගම මූල­ස්ථාන පොලි­සිය විසින් අදාළ වැට­ලීම සිදු කර ඇත.

මීගොඩ - බී.කේ. කත්රි­ආ­රච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x