Home » ජාත්‍ය­න්තර යෝග දින­යට සම­ගා­මීව කළු­තර දිස්ත්‍රික් ආයු­ර්වේද රෝහ­ලේදී යෝග දින සැම­රුම් වැඩ­ස­ට­හ­නක්

ජාත්‍ය­න්තර යෝග දින­යට සම­ගා­මීව කළු­තර දිස්ත්‍රික් ආයු­ර්වේද රෝහ­ලේදී යෝග දින සැම­රුම් වැඩ­ස­ට­හ­නක්

by Gayan Abeykoon
July 2, 2024 1:01 am 0 comment

පසු­ගිය ජුනි 27 වැනි­දාට යෙදී තිබුණු ජාත්‍ය­න්තර යෝග දිනය සැම­රීම සඳහා මොල්ලි­ගොඩ, කළු­තර දිස්ත්‍රික් ආයු­ර්වේද රෝහලේ වෛද්‍ය අධි­කාරී ජේ.එම්.පී.කේ. ජය­සු­න්දර මහ­ත්මි­යගේ උප­දෙස් පරිදි එම රෝහලේ යෝග සාය­නය භාර වෛද්‍ය­ව­රුන් වන වෛද්‍ය හසිත් ප්‍රනාන්දු සහ වෛද්‍ය නදීෂා හඳු­න්ග­මගේ යන මහත්ම මහ­ත්මීන් සමඟ එම රෝහලේ යෝග උප­දේ­ශක වෛද්‍ය පාලිත රුවන් ජය­නෙත්ති එක්වී යෝග අභ්‍යාස පිළි­බ­ඳව මහ­ජ­න­තාව දැනු­ම්වත් කිරීමේ ප්‍රායෝ­ගික වැඩ­ස­ට­හ­නක් පැවැ­ත්වූහ.

ඖෂධ භාවිත නොකර යෝග අභ්‍යාස මඟින් රෝගීන් සුව­පත් කළ හැකි බව මෙහිදී එම වෛද්‍ය­ව­රු ජන­තා­වට පැහැ­දිලි කළහ.

බට­හිර වෛද්‍ය ක්‍රම­යට අම­ත­රව දියුණු ලෝකයේ බොහෝ රට­වල දැන් යෝග අභ්‍යාස ක්‍රම මඟින් රෝගීන් සුව­පත් කිරීමේ ක්‍රම­වේ­දය අති­ශ­යින් ජන­ප්‍රිය වී ඇතැයි මෙහිදී යෝග සාය­නය භාර වෛද්‍ය­ව­රුන් වන හසිත් ප්‍රනාන්දු හා නදීෂා හඳු­න්ග­මගේ යන මහත්ම මහ­ත්මීහු පැව­සූහ.

මෙම යෝග අභ්‍යාස /ව්‍යායාම වැඩ­මු­ළුව සඳහා රෝගීන් කිහිප දෙනෙක්ද වෛද්‍ය­ව­රුන් සමඟ එක්වූහ.  සමූහ ඡායා­රූ­ප­යෙන් දැක්වෙ­නුයේ කළු­තර දිස්ත්‍රික් ආයු­ර්වේද රෝහලේ යෝග අභ්‍යාස වැඩ­මු­ළුව ඉදි­රි­පත් කළ යෝග ව්‍යායාම් කණ්ඩා­ය­මයි.

 

කළු­තර මධ්යම විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x