Home » අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරද්දී වට­ලන්න ආ පොලිස් නිල­ධා­රි­ය­කුට පිඟා­න­කින් ගහලා

අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරද්දී වට­ලන්න ආ පොලිස් නිල­ධා­රි­ය­කුට පිඟා­න­කින් ගහලා

by Gayan Abeykoon
July 2, 2024 1:07 am 0 comment

අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරන බවට ලද තොර­තු­රක් අනුව නිව­සක් වැටලූ පොලිස් නිල­ධා­රින්ට සප­රාධී බල­හ­ත්කා­රය පා රාජ­කා­රි­යට බාධා සිදු­කර පිඟා­න­කින් පහ­ර­දී­මෙන් උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙකු තුවාල ලබා රෝහ­ල්ගත කළ බව අඟු­රු­වා­තොට පොලි­සිය කියයි.

ගල්පාත බට­ගොඩ රණ­විරු ගම්මා­නයේ දෙවන පටු­මඟ නිව­සක අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරන බවට පොලි­සි­යට ලද තොර­තු­ර­කට අනුව උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙ­කු­ගෙන් සම­න්විත නිල­ධා­රින් පිරි­සක් එම නිවස පරී­ක්ෂාව සඳහා ගොස් තිබූ බව පොලි­සිය කියයි.

එහිදී ප්‍රධාන ජාවා­ර­ම්ක­රුගේ පියා සහ සහෝ­ද­රයා විසින් නිල­ධා­රින්ට නිව­සට ඇතුළු වීමට ඉඩ නොදී සාප­රාධී බල­හ­ත්කා­රය පා රාජ­කා­රි­යට බාධා සිදු­කර ඇත.  ප්‍රධාන ජාවා­ර­ම්ක­රුගේ පියා විසින් පිඟා­න­කින් උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාට පහර දී ඇති අතර, පහර දීමෙන් සුළු තුවාල ලැබූ නිල­ධා­රියා ප්‍රති­කාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතු­ළත් කර ඇත. පලා ගිය එකම පවුලේ සැක­කාර පියා සහ සහෝ­ද­ර­යන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා විශේෂ පොලි­ස්‌ ­ක­ණ්ඩා­ය­මක් පත් කර ඇත. අඟු­රු­වා­තොට පොලි­සියේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ප්‍රදීප් ආනන්ද සිල්වා මහ­තාගේ උප­දෙස් මත විම­ර්ශන පැවැත්වේ.

 

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x