Home » එඩේ­ර­මුල්ල ශාන්ත සෙබ­ස්ති­යන් විදු­හ­ල­ටත් සජි­ත්ගෙන් සුහුරු පන්ති කාම­ර­යක්

එඩේ­ර­මුල්ල ශාන්ත සෙබ­ස්ති­යන් විදු­හ­ල­ටත් සජි­ත්ගෙන් සුහුරු පන්ති කාම­ර­යක්

by Gayan Abeykoon
July 2, 2024 1:05 am 0 comment

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව අඩු පහ­සු­ක­ම්ව­ලින් සම­න්විත පාස­ල්ව­ලට “සක්වල” සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩ­ස­ට­හන යටතේ රුපි­යල් එකො­ළොස් ලක්ෂ හැත්තෑ හත්ද­හ­සක් වටිනා පරි­ග­ණක සහිත සුහුරු පන්ති කාම­ර­යක් මහර, එඩේ­ර­මුල්ල ශාන්ත සෙබ­ස්ති­යන් මහා විද්‍යා­ල­යට ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා පැවැ­ත්විණ.

සමඟි ජන බල­වේ­ගයේ මහර ප්‍රධාන සංවි­ධා­යක හසිත් ගුණ­සේ­කර මහ­තාගේ ඉල්ලීම පරිදි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා විසින් මෙම පාසල සඳහා 273 වැනි වැඩ­ස­ට­හන යටතේ පරි­ග­ණක සහිත සක්වල සුහුරු පන්ති කාම­රය ලබා දීම සිදු කෙරිණ. මීට අම­ත­රව එම පාසලේ නර්තන කණ්ඩා­යම සඳහා අවශ්‍ය ඇඳුම් මිලදී ගැනී­මට රුපි­යල් ලක්ෂ­යක මුද­ලක් ඇතුළු එම පාස­ලට අවශ්‍ය අනෙ­කුත් භාණ්ඩ එම විදු­හලේ සංව­ර්ධන අර­මු­ද­ලට ලබා දීම ද එහිදී සිදු කෙරිණ.

එහිදී විපක්ෂ නාය­ක­ව­රයා විසින් රැස්ව සිටි පිරිස අම­තන ලදී. මෙම අව­ස්ථා­වට සමගි ජන බල­වේ­ගයේ වත්තල ප්‍රධාන සංවි­ධා­යක හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී නියෝ­මාල් පෙරේරා, සමඟි ජන බල­වේ­ගයේ මහර ප්‍රධාන සංවි­ධා­යක හසිත් ගුණ­සේ­කර, එම පක්ෂයේ බිය­ගම ප්‍රධාන සංවි­ධා­යක යූ.ජෝර්ජ් පෙරේරා යන මහ­ත්ව­රුන් ඇතුළු එම පක්ෂයේ සමා­ජික, සමා­ජි­කා­වන් ද, මහර, එඬේ­ර­මුල්ල ශාන්ත සෙබ­ස්ති­යන් මහා විද්‍යා­ලයේ සේවය කරන ගුරු මහත්ම, මහ­ත්මීන් ද එහි ඉගෙ­නුම ලබන පාසල් ශිෂ්‍ය, ශිෂ්‍යා­වන් සහ ඔවුන්ගේ මවු­පි­යන් රැසක් සහ­භාගී වූහ.

 

මහර සමූහ - ගණිදු රෝචන සම­ර­තුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x