Home » රාත්‍රී වැසි­කි­ළි­යට ගිය ආර­ක්ෂක නිල­ධා­රි­නි­යට ලිංගික අත­වර කළ එක්දරු පියා දැලේ

රාත්‍රී වැසි­කි­ළි­යට ගිය ආර­ක්ෂක නිල­ධා­රි­නි­යට ලිංගික අත­වර කළ එක්දරු පියා දැලේ

by Gayan Abeykoon
July 2, 2024 1:01 am 0 comment

 

 

වැසි­කිළි යාමට රාත්‍රී නිවෙ­සින් පිට­තට පැමිණි හාලි­ඇල, අන්තු­ඩු­වා­වෙල ප්‍රදේ­ශයේ 42 හැවි­රිදි පෞද්ග­ලික ආර­ක්ෂක අංශ­යක සේවය කරන ආර­ක්ෂක නිල­ධා­රි­නි­ය­කට ලිංගික අත­වර කළැයි සැක­පිට එක්දරු පියකු ඊයේ (1) අත්අ­ඩං­ගු­වට ගත් බව හාලි­ඇල පොලි­සිය පව­සයි.

හාලි­ඇල, අන්තු­ඩු­වා­වෙල, කහ­ට­ගොල්ල ප්‍රදේ­ශයේ පදිංචි 30 හැවි­රිදි එක්දරු පියකු මෙසේ අත්අ­ඩං­ගු­වට ගනු ලැබි­නයි පොලි­සිය පැවැ­සීය. මොහුගේ බිරිය විදේශ රටක රැකි­යා­වක් කරන බවත්, මොහු රැකි­යාව ලෙස කුලී වැඩ කරන බවත් පොලි­සිය පැවැ­සීය.

ලිංගික අත­ව­ර­යට ලක් වූ බව කියන දිය­ත­ලාව නග­රයේ පෞද්ග­ලික ආය­ත­න­යක ආර­ක්ෂක නිල­ධා­රි­නි­යක ලෙස සේවය කරන 42 හැවි­රිදි දරු­වන් තිදෙ­නකු සිටින කාන්තාව වෛද්‍ය පරී­ක්ෂ­ණ­යක් සඳහා බදුල්ල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කළ බවද පොලි­සිය පැවැ­සීය. මෙම කාන්තා­වගේ සැමියා නොමැති බවත් ඇය දරු­වන් තිදෙනා සමඟ හාලි­ඇල, අන්තු­ඩු­වා­වෙල ප්‍රදේ­ශයේ නිවෙ­සක පදිං­චිව සිටින අතර රාත්‍රී ඇය මුළු­තැන්ගේ දොර ඇර ගෙන එළියේ වැසි­කි­ළි­යට යාමට සූදා­නම් වීමත් සමඟ මුළු­තැන්ගේ පිටු­පස සැඟවී සිටි සැක­කරු ඇයට මෙසේ ලිංගික අත­වර කර ඇතැයි පොලි­සිය සඳ­හන් කළේය.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි වසන්ත කන්දේ­වත්ත, පොලිස් අධි­කාරි පී.එම්. ජය­රත්න යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත හාලි­ඇල පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක රුවන් ගුණ­ති­ලක මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක උපාලි බණ්ඩාර, පොලිස් සැර­යන් (1477) ජය­සිංහ, කාන්තා පොලිස් සැර­යන් (2629) කුමාරි යන නිල­ධා­රීහු වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.

 

සොර­ණා­තොට සමූහ සී. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x