Home » උඩ­රට මැණිකේ දුම්රි­යෙන් ඇද වැටුණු තරු­ණ­යෙක් බර­ප­තළ තුවාල ලබා රෝහලේ

උඩ­රට මැණිකේ දුම්රි­යෙන් ඇද වැටුණු තරු­ණ­යෙක් බර­ප­තළ තුවාල ලබා රෝහලේ

by Gayan Abeykoon
July 2, 2024 1:01 am 0 comment

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාව­නය වෙමින් තිබූ අංක 1015 දරන උඩ­රට මැණිකේ දුම්රියේ ගමන් ගත් තරු­ණ­යකු ඔහිය දුම්රිය ස්ථානය අස­ලදී දුම්රි­යෙන් ඇද වැටී බර­ප­තළ තුවාල ලබා පෙරේදා (30) පස්ව­රුවේ දිය­ත­ලාව රෝහ­ලට ඇතු­ළත් කළ බව හපු­තලේ පොලි­සිය පව­සයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ බණ්ඩා­ර­වෙල, බිඳු­නු­වැව, ස්ප්‍රිංවත්ත ප්‍රදේ­ශයේ පදිංචි 20 හැවි­රිදි තරු­ණ­යකු බවද පොලි­සිය පැවැ­සීය. මොහු කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාව­නය වෙමින් තිබූ උඩ­රට මැණිකේ දුම්රියේ ගමන් කර­මින් සිටි­යදී දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ නැවතූ අව­ස්ථාවේ දුම්රි­යෙන් බැස ගොස් යළි දුම්රිය ධාව­නය වීමේදී දිව ගොස් ධාව­නය වෙමින් තිබූ දුම්රි­යට නැඟී­මට යාමේදී මෙසේ දුම්රි­යෙන් ඇද වැටී ඇති බවත් පොලි­සිය සඳ­හන් කළේය.

පාද දෙකට බර­ප­තළ තුවාල ලබා සිටි එම තරු­ණයා පසුව එම දුම්රියේ දමා ගෙන හපු­තලේ දුම්රිය ස්ථාන­යට ගෙන­විත් එතැ­නින් 1990 ගිලන් රථ­යක දමා ගෙන ගොස් දිය­ත­ලාව රෝහ­ලට ඇතු­ළත් කළ බවද පොලි­සිය පැවැ­සීය.

 

සොර­ණා­තොට සමූහ - සී. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x